(යොහාන් භාසුර)
පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්වයක් ඇතැයි දැනුවත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලංකා ණයවර ලිපිවලට ජාත්‍යන්තර ගැටලුවක්
Muthu Tuesday, 22 August 2023 03:56 PM
රට කාලා විනාශ කරපු හොර දේශපාලුවන් නිසා, ලෝකේ ඉස්සරහ බාල්දු වන ජාතියක්. මහරජාගේ හත්මුතු පරම්පරාවම ගොඩ... රටේ හත්මුතු පරම්පරාවම හිඟන්නෝ වෙලා. හැබැයි වජිර කියන විදියට අපි තව ටික දවසකින් මුළු ලෝකෙටම ණය දෙනවා. සුද්දියෝ අපේ ගෙවල් වල මෙහෙකාර කමට එනවා. මුළු ලෝකෙම නායකයෝ රනිල්ට බයයි. මේ වගේ ගොන් කතා කියන්න ලොකු තරඟයක් තියෙනවා අමරවීර, සියඹලා පිටිය, රංගේ බණ්ඩාර, වජිර, බන්දුල, හා රනිල් අතර. හැබැයි ඉස්සරහින්ම බැංකු අධිපතිත් ඉන්නවා. මිනිස්සු ඉහවහ ගිය කෝපයෙන් මේ විහිලු කතා අහනවා. අවු 30 - 40 කට කලින්, කොරියාව තනිකරම මුඩුක්කුවක්, අද ඒ මුඩුක්කුවේ කම්කරු විසා එකත් අපේ මිනිස්සුන්ට මහමෙරක් තරම් වටිනවා. ඩුබායි වුණත් ඒ වගේ. ඒ මිනිස්සු බත් පිඟානට එහා රටක් දුටු නිසා, පාලකයෝ ඒ රටවල් හැදුවා. අපි බොරු කයිවාරු ගගහ ඉන්නවා.
Perera Tuesday, 22 August 2023 09:29 PM
රනිල්ට ඔය රටවල් වලට ගිහින් ඉංග්‍රීසියෙන් කිඹුහුන් දෙක තුනක් යවන්න කියන්න .එතකොට උඩින්ම ලංකාව පිළිගනීවි