
(ටී.කේ.ජී.කපිල )
නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ඉකුත් 20 දින සිට 24 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණි .
මෙසේ මෙම තරගාවලියෙන් අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිස එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු ටෙනිස් ශූරතා තරගාවලිය සදහා සුදුසුකම් හිමි කර ගෙන තිබේ .
එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් තෙවන ස්ථානය දිනා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේදෙමාපියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd