(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා යෑමට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් තහවුරු විය.
මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති විශේෂ හමුව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති දමිත නාරංගොඩ, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු ගුවන් කර්මාන්තයේ නියුතු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද ජාත්‍යන්තර විගණක පරික්ෂකවරුන් සමගින් මෙම අවස්ථාවට එක්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකා ගුවන්සේවා ආරක්‍ෂාවට ජාත්‍යන්තර පැසසුම්