(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
මේ අතර පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ අංක 2324/14 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය ලබන 22 වැනිදා විවාදයට ගැනේ.
අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන සභාව කල් කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2336/45 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග ලබන 23 වැනිදා විවාදයට ගැනීමටද තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අංක 2341/03 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයට ලබන 24 වැනිදා විවාදයට ගැනේ.
අපවත්වී වදාළ හිටපු මන්ත්‍රී උඩවත්තේ නන්ද හිමි, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන්වන එස්.ඒ.ආර් මද්දුමබණ්ඩාර සහ සිරිසේන කුරේ යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 25 වැනිදා පැවැත්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලංකා ක්‍රිකට් විවාදය 24