(යොහාන් භාසුර)

ඕස්ටේ්‍රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද පැවැති සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්තය ලකුණු 16 කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීමට සමත් විය.

නැමීබියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර දැන් පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව එම කාණ්ඩයෙන් ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තීරණය වේ.