
(යොහාන් භාසුර)
අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
අදාල තරගයේදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති කැප් තොප්පික් සහ සමරු පදක්කමක් පිරිනැමීමට කණ්ඩායම් කළමනාකාරිත්ව කටයුතු කරයි.
එහි පළමු පියවර ලෙස බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති කැප් තොප්පිය සහ සමරු පදක්කම, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මහතා පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd