IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා - ඉන්දීය සහෝදර බැඳීම කාටවත් සම කළ නොහැකි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ අද්විතීය සහෝදරත්ව බැඳීමක් එම බැඳීම කිසිම රටකට සමකළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීම සඳහා හැකි සියලුදේ කිරීමට ඉන්දියාව කටයුතු කරන බවද මහා කොමසාරිස්වරයා පැවැසුවේය.කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද පැවති ඉන්දියා - ශ්‍රී ලංකා ආරක්ෂක සමුළුව අමතමින් සන්තෝෂ් ජා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව සමීපතම මිතුරා සහ අසල්වැසියාවීම හේතුවෙන් ඉන්දියාවට පැවැරී ඇති වගකීම සහ කාර්යභාර්යය ඉටු කරමින් කොවිඩ් වසංගතය පැවති සමයේදී මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි කාලයේදී මෙරටට සහාය ලබා දුන් බව මහ කොමසාරිස්වරයා පැවැසුවේය. සහාය අවශ්‍ය වූ මොහොතේ දෙවරක් නොසිතා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් වූ බවද සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට යැපිය හැකි මිත්‍රයෙකු ලෙසත් සගයකු ලෙසත් ඉදිරියටත් ඉන්දියාව සිටිනු ඇතැයි මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සමුළුව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ෂවේන්ද්‍ර සිල්වා, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, ඉන්දියානු ආරක්ෂක නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් අනුරාග් බජ්පායි ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

 



අදහස් (2)

ශ්‍රී ලංකා - ඉන්දීය සහෝදර බැඳීම කාටවත් සම කළ නොහැකි

chandima Wednesday, 10 April 2024 09:09 PM

අපේ සහෝදරයාත් අන්තිමේ සේරම දේපළ ටික ටික බූදලයට ගත්තා...

:       0       0

de silva Thursday, 11 April 2024 01:20 PM

මොදිට කච්චතිවු දුපත ගැන කතාකරනකොට නම් ඔය කියන සහෝදරකම් අමතක වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site