(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.
පවතින අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර තුළින් ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත්ද යන්න පෙන්නුම් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
චීන ඔත්තු නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළ වූ පුවතෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවයේ ඉරිතැලීමක් ඇති බවට රාවයක් පැතිර යන බව පවසන මන්ත්‍රීවරයා මෙය ඉතා භයානක තත්වයක් බව ද සඳහන් කර තිබේ.
චීනයේ සූක්ෂම ඔත්තු නෞකාවක් මගින් ඉන්දියාවේ ඔත්තු බලන බවට ආන්දෝලනාත්මක තොරතුරු නිකුත් වී ඇති බැවින් ශ්‍රී ලංකාව මේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ යුතු බවත්, ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගත යුතු නමුත් වෙනත් රටක් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට හෝ වෙනත් රටක් සමඟ ඇති වෛරය සමථයකට පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියන්ගේ අදහස් බලමු
නල්ලමලේ හොඳ හිත... පුළුවන් නම් ඉන්දියාවට කියලා උතුරු මුහුදට එක ධීවරයෝ ටික නවත්තලා දෙන්න.
නෑයෝ.., නෑයෝනේ... තරහ වුණාට පස්සේ යාලු වෙනවා.
ඉන්දියාව කවද්ද අපි එක්ක මිතුරු කමින් හිටියේ...? අපිට අවුරුදු 30ක් පිටිපස්සෙන් පිහියන් ඇන්නා... තවත් අනිනවා. සත පහක උදව්වක් කළොත් කෝටියක කප්පම් ඉල්ලනවා. වෙන මොකුත් ඕනෑ නැහැ. අපි ආශ්‍රය කරන අයවත් තෝරලා බේරලා දෙන්නයි උත්සාහය....
මේ චීන්නු මහ කරදරයක්. ඉන්දියන් කාරයට අපි බැන්නට ඉන්දියන් කාරයා නොහිටින්න අපි තෙල් නැතුව පොහොර නැතුව මැරිලා. අමාරුවේ වැටුන වෙලාවේ චීනා අපේ දිහා ඇහැ ඇරලා බැලුවෙ නෑ.
මේ මිනිස්සු තාම ලාංකික වෙලා නෑ. ඒකයි ඉන්දියාවට කඩේ යන්නේ.