
දේශීය වෙළඳපොළ තුළ පවතින භාණ්ඩ හා සේවාවන්හි අසාමාන්‍ය මිල ඉහළ යාම පාදක කරගනිමින් මහජනතාව වෙත බරක් පැටවීම වෙනුවට, මහජනතාවගේ සහ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹී ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සඳහන් කරයි.
ඒ අනුව, වෙළඳපොළ තුළ දක්නට ලැබෙන මිල වැඩිවීම් සියල්ල මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සියල්ලෙහි මිල ගණන්, විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අයකෙරෙන ගාස්තු නොවෙනස්ව, දැනට අයකරගෙන යන ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත්, පිරිවැය වැඩිවීම නිසා ගාස්තු වැඩිවීමක් සිදුකිරීම නොවැළැක්විය හැකි නම් මිස වෙනත් කිසිදු හේතුවක් මත කිසිදු ගාස්තුවක් ඉහළ නංවා නොසිටීමටත් ඒකමතිකව තීරණය කර ඇති බවත් එම ආයතනය කියයි.
බාධක ජයගනිමින් සංවර්ධනයේ නව මාවත් විවර කරගනිමින් ශ්‍රී ලංකාව නැවතත් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නඟාසිටුවන්නට උපයෝගී වන ප්‍රබලතම අවිය අධ්‍යාපනය බව අපි දැඩිව විශ්වාස කරමු. ඒ අභිමානවත් දේශය ගොඩනැගීම උදෙසා ප්‍රඥාවන්තයන් බිහි කිරීම වෙනුවෙන් හැම මොහොතකම පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය අව්‍යාජව කැප වී සිටින බවද එම ආයතනය කියයි.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි