(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ )
ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින හෙට (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ,පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
වෙසක් පොහෝ දින (05) ශ්‍රි පාද උඩ මළුවේ පිංකම් රැසක් පවත්වන බවත්, ඉන් අනතුරුව (06) දින අලුයම ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත්,නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ, නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සෙත් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ සඳහන් කළහ.
ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා මාර්ග කිහිපයක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ (06) දින රාත්‍රියේ ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථාන දක්වා වැඩම කර එදින රාත්‍රියේ පුරාණ චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (07) දින අලුයම සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී පාද වන්දනා වාරය හෙටින් අවසන්
randil dunuwille Thursday, 04 May 2023 11:34 AM
මෙදා පාර අවාරෙ යන්න තහනම් කලාද?