

(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද පතුලට ඉහලින් රන් , මුතු , මැණික් සහ රිදි වලින් නිම කරන ලද රන් වියනක් ඊයේ (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ සවි කරනු ලැබීය.
ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්යාමලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්රිධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාවව පරිදි සසුනය සවිය කළණ මිතුරු සවිය විසින් මෙම රන් වියන නිර්මාණය කරන ශ්රිා පාද උඩ මළුව වෙත පෙරහැරකින් වඩම්මවා ශ්‍රී පාද උඩ මළුවේ වැඩ සිටින ශ්රිර පාදස්ථාන භාරකාර දොරපනේ සුමනජොති හිමියන් ඇතුළු මහ සංඝ රත්නය රන් වියන සවි කළහ.
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වි 13 වන කෙම්මුර පුජාව ඊයේ (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ වැඩම කර සිටින මහ සංඝ රත්නය විසින් පැවැත්විමෙන් අනතුරුව රන් වියන පෙරහැරකින් වඩම්මවා ශ්‍රී පතුලට ඉහලින් රන් වියන සවි ෙකරිණි.
ක්‍රි.පු 1580 වසරේදි නරෙන්ද්‍රසිංහ රජුගේ සමයේ පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩම කර සිටි මඩගම්මන හිමියන් විසින් ආඩින්ගෙන් ශ්‍රී පාදස්ථානය මුදාගෙන ශ්‍රී පාද පත්මය තල් අතු වලින් ආවරණය වන පරිදි වියනක් සකස් කර තිබු බවට ඉතිහාසයේ සදහන් වන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ කියා සිටියහ.
එවකට ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කල නව මඩගම්මන හිමියන්ට ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් නරෙන්ද්රනසිංහ රජු විසින් මඩගම්මන සන්නස යනුවෙන් සන්නසක්ද පිරි නමා ඇති බවයි ශ්රිු පාදස්ථානාධිපති හිමියෝ කීහ.
ඉන් අනතුරුව ඉතිහායේ පළමු වතාවට 2023 වසරේ රන් , මුතු , මැණික් සහ රිදි වලින් නිම කරන ලද රන් වියනක් ශ්‍රී පතුලට ඉහලින් සවි කල බවත්, එසේ සවි කල රන් වියන ශ්රික පාද වන්දනා වාරය අවසන් වන විට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා සදාතුක කරඩුව , සමන්දේව ප්රොතිමාව සහ දේව ආභරණ සමග වඩම්මවා ශ්රින පාද අවාරය අවසන් වන තෙක් තැන්පත් කර යලිත් 2023-2024 ශ්‍රී පාද වන්දනා වාරයේදි රන් වියන යලිත් ශ්‍රී පාද මළුව වෙත වඩම්මවන බව ශ්‍රීපාදස්ථානාධිපති හිමියෝ කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර "තල් කොළ", දැන් "රන්, මුතු, මැණික් සහ රිදි". ඇයි ඒ?
මොනවාද මේ කතා. තල් කොල වලින් වියන් හැදුවේ ක්‍රි. පූර්ව යුගයේ. දැන් ක්‍රි.වර්ශ, සඳ තරනය කරලත් ඉවරයි. සම්පත් තියෙනවා , තාක්ෂණය තියෙනවා, ස්‍රද්ධාවන්ත බොදුණුවෝ ඕන තරම් ඉන්නව. දැක සතුටින් අනුමෝදන් වීමට අපිටත් පිලිවන් .
මහ මිහිඳු මහරහතුන් වහන්සේගේ ආගමනයත් සමඟ මේ ලංකාද්වීපයේ ජනතාව බුදු දහම වැළඳ ගත්හ. තථාගත දේශනාවට අනුකූලව, රජු ඇතුළු රටේ ජනතාව දැහැමිබවට පත්වූහ. කෘෂි, වණික් සහ රාජ්‍ය සේවය ආදී ධාර්මික වෘත්තියෙන් ඔවුන්ගේ දිවිපෙවත පෝෂිත විය. ඔවුහු බුදුරදුන්ගේ දේශනාව අනුව කුසලධර්ම වැඩීමට වීර්යය කළෝය... කාලයාගේ ඇවෑමෙන් විශේෂයෙන් දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ තුළින් මෙරටට සිංහල බෞද්ධ රාජ්‍ය බලයට බලපෑම් ඇතිවිය. මහායාන වෛතුල්‍ය වාදයද මෙරට ව්‍යාප්ත විය. දකුණු ඉන්දීය රාජකීය කුළ සමඟ සිංහල රජවරුන් ආවාහ විවාහ කටයුතු සිදුකර ගැනිමද සිදුවිය. එකී තෙයාකාර හේතුමත දේවාල කෝවිල් ඉදිවීම, දේවාල කෝවිල් ඇදහීම, දේවාල, කෝවිල්වලට පුද සැළකිළි, බිලි පූජා ආදී අභිචාර විධිද ඇදහීම් ද ව්‍යාප්ත විය. ඇතැම් කාලවල මිසදිටු ඇදහීම් වැළඳගත් ශ්‍රද්ධා හීන සිංහල රජවරුද දේවාල කෝවිල් කරණයට සහ මහායාන වෛතුල්‍ය වාදයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමෙන් සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහත් විලෝපයක් සිදුකළහ. රාජාණ්ඩු පාලනය ඇති කාලවල රජුගේ නොපනත්කම් විවේචනයට ඉඩක් නැත.
සමන් හෙවත් සුමන සමන් යනු දේවාල බලයකි. බුදු රදුන්ගේ ප්‍රථම ලංකා ගමනේදී බුදු රදුන් විසින් දෙශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝතාපන්න වූ සුමන සුරිඳු නම් ආර්ය දෙවි රදුන්, සමන් යන දේවාල බලය නොවන බව සැළකිය යුතු ය. ත්‍රිපිටකයේ හෝ මහා වංශයේ හෝ අටුවාවක, ටීකාවක, හෝ ථේරවාද සාසන ඉතිහාස ගතක හෝ සමන් යනුවෙන් හෝ සුමන සමන් යනුවෙන් හෝ දෙවි කෙනෙකු පිළිබඳව කිසිදු දේශනවක් හෝ සඳහනක් නැත; සුමන සුරිඳු යනුවෙන් ආර්ය භාවයට පත් වූ දෙවි කෙනෙකුන් මිස සුමන සමන් හෝ සමන් යනුවෙන් බෞද්ධ දෙවි කෙනෙකුන් පිළිබඳව කිසිදු සඳහනක් නැත. සමන් හෙවත් සුමන සමන් එකෙකි. සුමන සුරිඳු (ආර්ය වූ දෙව් තොමෝ) තවකෙකි. දෙදෙනෙක් මිස එක් අයෙකු නොවේ. ආර්‍ය භූමියට පත් උතුමෝ සක්කායදිට්ඨි ,විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන සිඳලූ බැවින් ශාස්වත දෘෂ්ටික දේවාල ඇදහීම් වලට කිසිදු අනුබලයක්, නොදේ. ආර්ය උතුමෝ එකම ශාස්‍තෘ වූ බුදුරදුන්ගෙන් සිත ගලවා එක් චිත්තක්ෂණයකුදු තමන් උදෙසා හෝ වෙනයම් පිදවිලි ක්‍රමයකට හෝ යාතිකාවකට හෝ දෙවොල් ඇදහීමකට හෝ කිසිදු සත්වයකු යොමු නො කරවත්. ආර්‍ය්‍ය උපවාද කර්ම ද නොකරත්. අනුන් ලවාද නො කරවත්. දේවානම් පියතිස්ස රජ දවස මහ මිහිඳු මහරහතුන් වහන්සේගේ ආගමනයත් සමඟ මේ ලංකාද්වීපයේ ජනතාව බුදු දහම වැළද ගත්හ. තථාගත දේශනාවට අනුකූලව,රජු ඇතුලු රටේ ජනතාව දැහැමි බවට පත් වූහ. කෘෂි වණික් සහ රාජ සේවය ආදී ධාර්මික වෘර්තීයෙන් ඔවුන්ගේ දිවි පෙවත පෝෂිත විය. ඔවුහු බුදු රදුන්ගේ දේශනාව අනුව කුසල ධර්ම වැඩීමට වීර්‍යය කළෝ ය. කාලයාගේ ඇවෑමෙන් විශේෂයෙන් දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ තුලින් මෙරට සිංහල බෞද්ධ රාජ්‍ය බලයට බලපෑම් ඇති විය. මහායාන වෛතුල්‍යවාදය ද මෙරට ව්‍යාප්ත විය. දකුණු ඉන්දීය රාජකීය කුල සමඟ සිංහල රජවරුන් ආවාහ විවාහ කටයුතු සිදුකර ගැනිම ද සිදු විය. එකී තෙයාකාර හේතු මත දේවාල කෝවිල් ඉදිවීම, දේවාල කෝවිල් ඇදහිම, දේවාල කෝවිල් වලට පුද සැළකිළි, බිලි පූජා ආදී අභිචාර විධි ද ඇදහීම් ද ව්‍යාප්ත විය. ඇතැම් කාල වල මිසදිටු ඇදහීම් වැළඳ ගත් ශ්‍රද්ධා හීන සිංහල රජවරු ද දේවාල කෝවිල්කරණයට සහ මහායාන වෛතුල්‍යවාදයට රාජ අනුග්‍රය ලබා දීමෙන් සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහත් විලෝපයක් සිදු කළහ. රාජාණ්ඩු පාලනය ඇති කාල වල රජුගේ නොපනත් කම් විවේචනයට ඉඩක් නැත. වරද විවේචනය කරන්නන්ට රාජද්‍රෝහී චෝදනාව මත මරණීය දණ්ඩනය හෝ නැතහොත් ශාරීරික වද හිංසා සහිත බලවත් රාජ දඩුවම් වලට පාත්‍ර විය හැක. අද කාලයේ මෙන් නොව ඒ කාලයේ වැරදි මඟ ගත් රජු සහ රාජ්‍ය පාලනය විවේචනයට ඉඩ -අවකාශ අල්ප ය. ක්‍රම ක්‍රමයෙන්, ශ්‍රද්ධා සිත හීන වූ සිංහල රජවරු සහ ජනතාව විසින්, බුදු සසුන් ප්‍රතිපදාවට පටහැනිව දෙවොල් දේවාල කෝවිල් ගොඩනැගීමට, ඇදහීමට සහ එම දෙවොල් දෙවාල කෝවිල් වලට පූජා පැවැත්වීමටත් නඩත්තු කිරීමටත් නතු විය. රාජ, රාජ මහාමාත්‍යවරු ද දේවාල කෝවිල් වලට රාජකීයත්වයට සරිලන ලෙසක් පා, පරිත්‍යාග කළහ. රජවරු ගම්වර දී එහි බදු ආදායම දෙවොලට කෝවිලට ලැබෙන පරිදි රාජ්‍යාඥා තැබවූහ. එකී සමහර රාජාඥා සන්නස් වශයෙන් ද හදුන්වත්. දෙවොල් සහ දෙවොල් අධිපති අමනුෂ්‍ය ඇත්තෝ වෙනුවෙන් පෙරැහැර ද පැවැත්වූහ. ලංකා භූමියේ එසේ කිරීමට කිසිදු අයිතිවාසිකමක් ඔවුන්ට නැති වුව ද ශ්‍රද්ධා හීන සිතින් රජවරු එසේ කළහ. එපමණකින් නොනැවතී ඇතැම් බෞද්ධ සිද්ධස්ථානයන්හි ද දේවාල ඉදිකිරීම් කළහ. එම දෙවොල් හා කෝවිල් නඩත්තු කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු ද කළහ. රජවරු විසින් එසේ දේවාල කෝවිල් වලට කරන ලද පරිත්‍යාග පිළිබඳව මහාවංශයේ ඇතැම් තැන් වල සඳහන්ව ඇත. පුදුමය නම් ඇතැම් සංදේශ කාව්‍ය ලියූ භික්ෂූන් වහන්සේලා වෙතින් දදෙවො ල් දේවාල පිළිබඳ වර්ණනා කර තිබීම ය.
ඔය සල්ලි දුප්පතුන්ට බෙදන්න.
විජේ ඉස්සර තල්කොල නේද ප්‍රශ්නය මටත් ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර මිනිස්සු පාගමනින් ගියා සමහරු කරත්තයෙන්/ බක්කි කරත්තයෙන් ගියා සමහරු දෝලාවෙනුත් ගියා දැන් කාලයේ පොඩිදුරත් හැකිනම් බාත් රූම් එකටත් පයින් යන්නෙ නැහැ යතුරු පැපැදියකින් යනවා ත්‍රීවීලර් ,කාර් ජීප් වලිනුත් යනවා .බසයෙනුත් යනවා එහෙම වෙන්නෙ මොකද කියන්න.
ශ්‍රී පාදයට යන්න කේබල් කාර් සිස්ටම් එකක් හදන්න දෙස් විදෙස් සංචාරකයන්ට මහත් පහසුවක් වේවි.
බුදු හාමරුවන් අතිශයින් කලකිරිලා ඇති නේ.
බොරු වැඩ.
ඉදිරි කාලය තුළ මිනිසුන් ඔබට ආගම ලබා දෙනු ඇත!
ශ්‍රි පාදය තබා ඇති සමනළ ගිරි හෙළ යනු සිව්හෙළයේ පැවැත්ම රදවගෙන හිදින උතුම් ස්ථානය කිසිම බලවේගයකට අසු නොවන ස්ථානයක් අහස් ජල චක්‍රය ප්‍රබලව ක්‍රියාත්මක වන ස්ථානයක් නිසා තමයි ගෞතම බුදුන් වහන්සේ එම ස්ථානය රැක ගන්නක ශ්‍රී පතුල තැන්පත් කලේ එම හෙළ මහා ඊෂ්වර දෙවිදුගේ භාවනා යෝගීව වැඩ හිදින තාපස පිලිරුවට සමානයි මේ ස්ථානයට අනවශ්‍ය විදියට ඒක එක දේවල් එක් කරන්නත් අයින් කරන්නත් හදන එක වැරදියි මේ ස්ථානය පුරාණයේ සිට පැවත එන ආකාරයටම තිබුණනම් තමයි හොදම.