(රංජිත් රාජපක්ෂ)

ශ්‍රී පාද පතුලට ඉහලින් රන් , මුතු , මැණික් සහ රිදි වලින් නිම කරන ලද රන් වියනක් ඊයේ (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ සවි කරනු ලැබීය.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්යාමලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්රිධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාවව පරිදි සසුනය සවිය කළණ මිතුරු සවිය විසින් මෙම රන් වියන නිර්මාණය කරන ශ්රිා පාද උඩ මළුව වෙත පෙරහැරකින් වඩම්මවා ශ්‍රී පාද උඩ මළුවේ වැඩ සිටින ශ්රිර පාදස්ථාන භාරකාර දොරපනේ සුමනජොති හිමියන් ඇතුළු මහ සංඝ රත්නය  රන් වියන සවි කළහ.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වි 13 වන කෙම්මුර පුජාව ඊයේ (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ වැඩම කර සිටින මහ සංඝ රත්නය විසින් පැවැත්විමෙන් අනතුරුව රන් වියන පෙරහැරකින් වඩම්මවා ශ්‍රී පතුලට ඉහලින් රන් වියන සවි ෙකරිණි.

ක්‍රි.පු 1580 වසරේදි නරෙන්ද්‍රසිංහ රජුගේ සමයේ පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩම කර සිටි මඩගම්මන හිමියන් විසින් ආඩින්ගෙන් ශ්‍රී පාදස්ථානය මුදාගෙන ශ්‍රී පාද පත්මය තල් අතු වලින් ආවරණය වන පරිදි වියනක් සකස් කර තිබු බවට ඉතිහාසයේ සදහන් වන බවයි ශ්‍රී  පාදස්ථානාධිපති හිමියෝ කියා සිටියහ.

එවකට ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් කැපවිමෙන් කටයුතු කල නව මඩගම්මන හිමියන්ට ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් නරෙන්ද්රනසිංහ රජු විසින් මඩගම්මන සන්නස යනුවෙන් සන්නසක්ද පිරි නමා ඇති බවයි ශ්රිු පාදස්ථානාධිපති හිමියෝ කීහ.

ඉන් අනතුරුව ඉතිහායේ පළමු වතාවට 2023 වසරේ රන් , මුතු , මැණික් සහ රිදි වලින් නිම කරන ලද රන් වියනක් ශ්‍රී පතුලට ඉහලින් සවි කල බවත්, එසේ සවි කල රන් වියන ශ්රික පාද වන්දනා වාරය අවසන් වන විට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා සදාතුක කරඩුව , සමන්දේව ප්රොතිමාව සහ දේව ආභරණ සමග වඩම්මවා ශ්රින පාද අවාරය අවසන් වන තෙක් තැන්පත් කර යලිත් 2023-2024 ශ්‍රී පාද වන්දනා වාරයේදි රන් වියන යලිත් ශ්‍රී පාද මළුව වෙත වඩම්මවන බව ශ්‍රීපාදස්ථානාධිපති හිමියෝ කීය.