
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍යංශයේදී අමාත්‍යවරයාට බාර දෙනු ලැබීය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) නීතිඥ,පියුමන්ති පීරිස් ඇතුළු පිරිසක් කමිටුව නියෝජනය කරති.
මාස දෙකක් ඇතුලත වාර්තාව සකස් කර ඇති අතර ඒ අනුව කමිටුව විසින් ශබ්ද දූෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් විශ්ලේෂණය කරමින් ශ්‍රී ලංකාවේ පවතින ශබ්ද දූෂණය පිළිබඳ නීතිමය රාමුවට වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබේ.
විශේෂයෙන් ශබ්ද දූෂණයට නීතිමය ප්‍රතිචාරය වඩාත් ඵලදායී කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය, මෝටර් රථ ප්‍රවාහන පනත සහ පොලිස් ආඥාපනත වැනි ප්‍රඥප්තිවලට බෙහෙවින් අවශ්‍ය සංශෝධන මෙම කමිටුව විසින් යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීල් වලින් පටන් ගන්නේ...
උදේ පාන්දර පන්සල් වලින් එන සද්දේ..!
ගරු ඇමතිතුමනි, ආගමික ස්ථාන වලින් සිදුවන ශබ්ද දූශනය නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න. ලමයින්ට පාඩම් කරන්න නැහැ. ලෙඩෙකුට නිදාගන්න නැහැ. ලොකු පිනක්.
බස්වල ඇතුලේ දාලා තියෙන කරච්චලේ නැතිකරන්න.., හෝන්වල සද්දෙත් බලන්න ඕනේ...
බස්රථවල විශේෂයෙන්ම. මිනිස්සු පොදු ප්‍රවාහන සේවාවල ගමන් යන්නේ කරච්චල් සංගීතේවත්, අපරාධ කරන චිත්‍රපටි බලන්නවත් නොවෙයි. කොන්දොස්තරටයි, රියැදුරාටයි ඕනෑකමට දානවා මිසක් බස් එකේ යන අය දාන්න කියන්නේ නෑ. තව කරච්චල් සංගීත සංදර්ශන... ළමයෙකුට ඒ පැත්තක පොතක්පතක් බලන්න නෑ... ලෙඩෙක් හිටියොත් මැරෙනවා. උදේ චූන් පාන් එකෙන් පටන් ගත්තාම කීයකින් නම් ශබ්දද? මාලු, පරණ බඩුවලට අලුත් බඩු- වතුර- මෙකී නොකි හැම දේටම අධික ශබ්දය ඇමතිතුමනි, පිංසිද්ධවෙයි මේව වහාම නවත්වන්න. නීති ගේන්න.
හැබැයි මෙහෙම එකක් තියෙනවා. පාරේ වාහන එළවනකොට හෝන් එක සැරෙන් සැරේ ගහන්නම වෙනවා. අපේ අය කරන පිස්සු වල හැටියට. වමට සිග්නල් දාලා දකුණට හරවනවා. එක පාරටම හරවනවා. වැඩි දෙනෙක් සිග්නල් දාන්නේ නෑ. වෙලාවකට හිතෙනවා ලංකාවට නම් කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියලා. මේ අයත් එක්ක..
වාහනයක හෝන් එක ඉස්සරහින් යන වාහනේට ඇහෙන්න තිබුණා නම් හොඳටම ඇති...!
ශබ්ධය තිබිය යුතු උපරිම සීමාව ,ශබ්ධය නිකුත් කරන උපකරනයෙන්ම ස්ථීරවම පාලනය කල උපකරණ හඳුන්වා දිය යුතුයි .එහෙම නැතුව කවමදාකවත් මෙම ශබ්ධ සීමාවන් පාලන කල නොහැකි වනු ඇත
ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් , බෆල් යොදාගෙන අවට පදිංචි මහජනතාවට සිදුකරන පීඩාවට නම් වහාම තිත තැබිය යුතුමයි
ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතාව වෙනුවෙන් නිකුත් කරන බලපත්‍ර වෙනුවෙන් අයකරන බලපත්‍ර ගාස්තුව ඉහල දමන්න .
අපි ඉන්නෙ පන්සලක් ගාව, උදේට , හවසට , ඉරිදට , පෝයට කණක් ඇහිලා ඉන්න නැ. ලවුඩ්ස්පීකර් ඝෝෂාව නිසා කොරෝනා කාලයේ පුදුම දුකක් වින්දේ.