(ෂේන් සෙනෙවිරත්න)
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට කූඨ ලේඛන සකසා සිසුවියන් 29 දෙනෙකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි එම විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
මහනුවර දෙයියන්නේවල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිවරයා ද වන චමින්ද ප්‍රසන්න තෙන්නකෝන් නමැති සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ කූඨ ලේඛන සැකසීම සහ ඊට අනුබල දීමයි .
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මහත් පරිශ්‍රයක් දැරීමට සිදු වූ අතර ඔහුගේ කාර්යාලය සහ නිවස අවස්ථා ගණනාවකදී පොලිස් පරීක්ෂාවට ලක් කළත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය . ඒ හේතුවෙන් ඔහුට විදේශගත වීමේ අධිකරණ තහනමක්ද පොලිසිය මගින් ගෙන තිබුණි .
මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd