
(ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ වැඩතහනමට ලක් වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මොටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශානි අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ අතින් ඉකුත් (17) දින මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් ආරචි මාර්ග පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර, කොස්තාපල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා දැනුවත් කර නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශානි අබේසේකර මහතා සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එහි ඉන්දන කාන්දුවක් ඇති බවට හදුනාගෙන වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේ දී වාහන ඉන්ධන වැංකිය අසල වෙඩි සිදුරක් හදුනාගෙන ඇති අතර, එය ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අනාවරණය කරගෙන ඇත.
පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අතින් සිදුව ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
එම කරුණු අනුව එම කාලය තුළ ශානි අබේසේකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරරයාව සිටි රංජන සමරසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අදාල කොස්තාපල්වරයාගෙන් ඇතුලු එහි ආරක්ෂාවට යොදවා සිටින පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදු වු බවට අදාල පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියේ විමර්ශන බොරැල්ල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශානි අබේසේකර මහතා ට එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට අවි සහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශානිගේ කාරයට කොස්තාපල් අතින් වෙඩි වැදිලා