(නිමන්ති රණසිංහ)
තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් තමන්ට ආරක්ෂාව සලසා දෙන්නැයි ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.
පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට පිටු තුනකින් යුත් දීර්ඝ ලිපියක් යවමින් ශානි අබේසේකර මහතා මෙම ඉල්ලීම කර තිබේ.
තමා විසින් යුද හමුදා නාවික හමුදා සංවිධානාත්මක අපරාධ කල්ලි මෙන්ම ත‍්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදුකර ඇති බවත් ඉන් ඇතැම් චූදියන් මේ වන විටත් බන්ධනාගාරගතව සිටින අතර ඊට අදාළ නඩු කටයුතු තවමත් අධිකරණවල විභාග වෙමින් පවතින බව ද ශානි අබේසේකර මහතා සිය ලිපියෙන් පැහැදිලි කර ඇත.
ඒ අනුව තමාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කර ඇති අවස්ථාවක මෙම නඩු කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින වකවානුවක තමාගේ මෙන්ම තම පවුලේ ආරක්ෂාව තර්ජනයක් එල්ල වී ඇති බවත් ශානි අබේසේකර මහතා එම ලිපියෙන් සදහන් කර තිබේ.
තමාට තර්ජනය කර ඇති බවට සදහන් කරමින් බුද්ධි අංශ මින් පෙර ලබාදී තිබූ වාර්තාවකට අනුව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා තමාටත් තම නිවසටත් ආරක්ෂාව ලබා දී තිබුණු අතර, ඉකුත් 2019 නොවැම්බර් මස 21 වැනිදා එම ආරක්ෂාව ඉවත් කළ බවද ඔහු ලිපියෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත තමා සන්තකයේ තිබූ පතුරොම් තුවක්කුව සහ පිස්තෝලය ද තමා බන්ධනාගාර ගත කිරීමෙන් පසුව බොරැල්ල පොලීස් ස්ථානයට බාරදුන් බවත්, දැන් තමාට කිසිදු ආරක්ෂාවක් නොමැති බැවින් තමාට මෙන්ම තම පවුලේ අයවලූන්ගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ශානි අබේසේකර මහතා සිය ලිපිය මගින් ඉල්ලිීම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ආරක්ෂාව දිය යුතුයි. ඒ වගේම තමන්ගේ අතීතය ද සිහිපත් කර ගත්තොත් හොඳයි.. කී දෙනෙක් ඔය වගේ අසරණ වෙන්න ඇතිද කියලා.
කාටත් වඩා මෙතුමා ඝාතනය කරන්න අවශ්‍යතාවය තියෙන්නේ රට පාලනය කරන හොර පවුලට. ඒ නිසා මෙතුමාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතන්න බෑ...
දේශපාලන හයිය බලපුලුවන්කාරකම් ඉදිරියේ යුක්තිය සාධාරනය ඉටුකරන්නන්ට අත්වන ඛේදනීය ඉරනමට ශානි මුහුණදී ඇත.
අනේ ඔව්.., මොනවා හරි කරලා මෙයාට පොලිස් ආරක්ෂාව දෙන්න.
කිසි කෙනෙකුට ගැතිකම් නොකර අවංක සේවයක් කරපු නිලධාරියකු ලෙස ඔහුට ආරක්ෂාව ලබා දීම අතිශයින්ම අවශ්‍යය. මොහුට තර්ජන ඇත්තේ කාගෙන්ද යන්න රහසක් නෙවෙයි.
දැන් පවුල මතක් වෙලා අහිංසක මිනිස්සුන්ට බොරු සාක්කි හදලා හිරේට දාද්දී ඕවා මතක් වුණේ නැද්ද?