
(ටෝනි කරුණානායක)
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 17 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (03) නියම කලේය.
ශානි අබේසේකර ලඇබිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්ගඩීගනවරත්න ප්‍රෙමතිලක යන සැකකරුවන් තිදෙනා ව මෙසේ තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
මෙම නඩුවේ 03 වන සැකකරු ලෙස නම් කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ දී අද (03) කිසිවක් අනාවරණය නොවීය.
පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා නැමති සැකකරුව අත් අඩංගුවට ගැනිම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනිමට කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ටාසයපෙර අවස්ථා කිහිපයක දී මෙම නඩුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවු අවස්ථාවන්හිදී පවසා සිටියද කොළඹ අපරාධ කොට්ටාසයට අයත් නිලධාරීන් අද අද(03) ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කිසිවක් අනාවරණය නොකලේය.
පවතින කොවිඩි වසංගත තත්වය හේතුවෙන් සැකකාර ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණය වෙත දැනුම් දුන් අතර එම සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් නොනොතිබූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි... නිසි දඬුවම් ලබාදෙන්න මොහු කළ වැරැදිවලට.. අලි ගොඩක් වැලපෙයි ඈ...
දැන් සනීපද ලොක්කා...?
නිදොස් කොට නිදහස් වීමට ඉඩ තියන්න එපා... බරපතල වැඩ ලැබුණොත් වළං සේදීමත් ඇතුළත් කරන්න