
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයන් සඳහා විවෘත කරමින් ප්‍රථම 'ඩිජිටල් නෝමඩ් (Digital Nomad) වීසා බලපත්‍රය නිකුත් කර තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ලොව පුරා විසිරි සිටින තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, නිදහස් මාධ්‍යවේදීන් සහ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය ගෝලීය සේවා සැපයීමට නිල අවසරය මෙමගින් හිමි වේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ 21 වන සියවසේ ලෝක ශ්‍රම බලකාය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. මෙම නව වීසා ක්‍රමය හරහා මෙරටට වෘත්තීය මට්ටමේ විදේශිකයන් ආකර්ෂණය කරගැනීමට හැකි වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට වසරක කාලයක් සඳහා වලංගු, නැවත අලුත් කළ හැකි වීසා බලපත්‍රයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටද මෙරට රැඳී සිටීමටත් දරුවන්ට පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලැබීමටත් පහසුකම් සැලසේ, මසකට අමෙරිකා ඩොලර් 2,000කට වඩා වැඩි ආදායමක් ලබන වෘත්තීකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන් මෙරට බැංකු පද්ධතිය සහ දේශීය සේවා භාවිතා කිරීම හරහා මෙරට ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd