
(පද්මසිරි ගාර්දියවසම්)
තිස්සමහාරාම මාතර ප්රධාන මාර්ගයේ වීරවිල ප්රාදේශයේදී පුද්ගලික බස් රියක් සහ යතුරු පැදියක් ගැටීමත් සමග බසය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මඟීන් 15 දෙනෙකු පමණ තුවාල ලබා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය .
බස් රථය කොහොඹ ගසේ ගැටීමත් සමග එහි ඉහළ කොටස බස් රථය මතට කඩා වැටී ඇතැයි පොලිසිය පැවසීය .
අනතුරට පත්ව ඇත්තේ තිස්සමහාරාමයේ සිට මාතර දක්වා ගමන් ගන්නා පුද්ගලික මඟී බස් රියකි.
බස් රථයේ රියදුරු සහ යතුරු පැදිකරුද ප්රතිකාර සදහා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇත .
අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 20 ක් පමණ සිටි බව පොලිසිය කීවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd