(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව අවම වශයෙන් වසර විස්සක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව එම ගැසට් නිවේදනයේ දැක් වේ.
මීට පෙර පැවති මාර්ගෝපදේශ මාලාවට අනුව ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු වගන්තිය ඇතුළත් කර තිබූ නමුත් විශේෂිත අවස්ථාවන්හිදී සෙසු සියළුම නිර්ණායක සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන් ද ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අවස්ථාව ලබාදී තිබුණි.
මේ අතර 2026 වසරට අදාළව ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර පාරෙන් පත්වුණු අයගේ පට්ටම ගලවන්නත් සර්කියූලර් එකක් ගහන්න...
ඒ වගේම රජ පුටුවලට. ඇමැති පුටුවලට පොරකන ගොබ්බයින්ටත්. නීතියක් හදන්න. රජය පිලිගත් උපාධි සහතිකය. සජ දේශපාලන විද්‍යාව ගැන උපාධි හෝ ඒහා සම්බන්ධ සහතික නැති අයට පාර්ලිමේන්තුවට ඒම තහනම් තරග කර්න්නත් තහනම්. ලොකේ හැම රටේම... නූගත් මිනිසුන් ඉන්නවා... නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ නැහැ. ලන්කාවේ විතරයි මෝඩ ගොබ්බයින්. රට කරන්න තරග වදින්නේ... ඔවුන් මෝඩ නිසා බරපතල කමක් නොදැන මිනී මරනවා. රට හොරාකනවා. සේරම නීති විරෝධී වැඩ කරන්නේ. මෝඩකමයි, නූගත්කමයි. නිසා මේවාට නීති හදලා... රටයි, ජනතාවයි බේරාගන්න කරන්නේ...