
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්තද ඉන් බොහොමයක ගිය වර්ෂයේදී විවිධ පුද්ගලයන් තුන් දහස් අසූ නව දෙනෙකු නවාතැන් ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එසේම මෙම ජනපති මන්දිර හතෙහි විදුලිය දුරකථන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර ඇතැයිද එහි දැක්වේ.
මෙම ජනපති මන්දිරවල එම වර්ෂයේ දී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනකි.
එසේම කතරගම මහියංගනය, බෙන්තොට ජනාධිපති මන්දිරවල එම වර්ෂයේදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් හෝ කර නොතිබියදීත් දුරකථන විදුලිය ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතී. කොළඹ කොටුව මහනුවර අනුරාධපුර කතරගම මහියංගණය නුවරඑළිය සහ බෙන්තොට එම ජනාධිපති මන්දිරවේ.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය රාජ්‍යතාන්ත්‍රික හමුවීම්වලට සහ මහනුවර ජනාධිපති මන්දිරය පෙරහර ඇතුළු සංස්කෘතිකමය කටයුතුවලට පමණක් යොදා ගැනීමටත් සෙසු ජනාධිපති මන්දිර කිසිම ආකාරයකින් හෝ පරිහරණය නොකිරීමටත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
මෙම ජනාධිපති මන්දිරවල නවාතැන් නොගත්තද ඒවායේ නඩත්තු සහ අලුත් වැඩියා කටයුතු සඳහා රජයේ මුදල් වැය කෙරේ.
මේ අතර ජනාධිපති මන්දිර නඩත්තු කිරීම සහ අලුත්වැඩියාව සඳහා පසුගිය වසර නවයක කාලයේදී රුපියල් කෝටි 35කට වැඩි මුදලක් වැය කර ඇත.
මෙම ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් අදහස් දක්වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙන්නේ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව කොළඹ කොටුව සහ මහනුවර ජනාධිපති මන්දිර හැරෙන්නට අනෙකුත් ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායි ව්‍යාපෘතිවලට යෙදවීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd