
(අමදෝරු අමරජීව )
මොරවැව පන්කුළම රජයේ වී ගබඩාවට එල්ලවූ වල් අලි ප්රහාරයෙන් පසු එහි ගබඩා කර තිබූ වී තොග ත්රිකුණාමලයේ පිහිටි වෙනත් ගබඩාවකට රැගෙන යෑමට කටයුතු කළ බව වී අලෙවි මණ්ඩලය කියයි.
වල් අලි ප්රහාරය එල්ල වන අවස්ථාවේ මෙම ගබඩාවේ වී කිලෝ ග්රෑම් 33500 ක් තිබුණු බවත් දොරවල් කඩා පැමිණි අලි ඉන් වී මිටි දහයක් පමණ කාදමා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ ප්රාදේශීය කළමනාකරු (නැගෙනහිර) අජිත් ශාන්ත කුමාර මහතා පැවසීය.
ඉතිරි වී තොග වල් අලින්ගෙන් බේරා ගැනීමට ආරක්ෂිත පියවරක් ලෙස තොග මෙලෙස වෙනත් ගබඩාවකට මාරු කිරීමට සිදුවූ බවද ප්රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකේ පාඩුව ගෙවන්නේ ගොං අලිද? ඉස්සෙල්ලා ඩොලර්, දැන් වී පිට් පොකට් ගහනවා.