(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව පසුගිය වසරේ ඔක්තොම්බර් සිට 2026 වසරේ පෙබරවාරි දක්වා ගෙවුණු මාස 5 දී
නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1945කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් කාර්යාංශය ආරම්භ කර තිබේ.
මේ අනුව පසුගිය මාස පහේ දී විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 244 ක් වන අතර, එම කාලයේ විවිධ පැමිණිලි 2081ක් කාර්යාංශයට ලැබී තිබේ.
තවද මෙම කාලයේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 19ක් වන අතර වංචනිකයින් 88 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරට, බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 3ක්ද අයත්වේ.
ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචාකිරීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් හා පුද්ගලික ලේඛන ලබාදීමෙන් වලකින ලෙස කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.
තවද, වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112882228 අංකයට හෝ කාර්යාංශයේ 24 පැය ක්ෂණික ඇමතුම් අංකය වන 1989 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd