
(යොහාන් භාසුර)
සියලුම විද්‍යුත් වාහන සඳහා ‘කොළ’ පැහැති අංක තහඩුවක් නිකුත් කරන බවත් එම අංක තහඩුවේ පසුබිම ‘කොළ’ පැහැය පමණක් සෙසු වාහනවල අංක තහඩුවෙන් වෙනස් වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
යතුරුපැදි, ත්‍රිවිල් සහ කාර් සියලුම විද්‍යුත් වාහනවලට ‘කොළ’ පැහැති අංක තහඩු ඉදිරියේදී නිකුත් කරන බවත් එම පැහැයේ වෙනසින් පොලිසියට විද්‍යුත් වාහන පහසුවෙන් වෙන්කර හදුනාගත හැකි බවත් කොමසාරිස් ජනරාල්වරයා කීය.
ප්‍රවාහන ඇමතිතුමා සහ ප්‍රවීණයන් පිරිසක් එකතුව මෙම විද්‍යුත් වාහන සඳහා ‘කොළ’ පැහැති අංක තහඩුවක් නිකුත් කිරීටෙම් තීරණය ගත් බව කී ඒ මහතා අංක තහඩු මුද්‍රණයට අලුත් කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වන මෙම වසරේ මාර්තු මස සිට ලියාපදිංචි කළ විද්‍යුත් වාහන සඳහා ‘කොළ’ පැහැති අංක තහඩුවක් නිකුත් කරන බව ද සඳහන් කළේය.
ගොඩගැසී ඇති අංක තහඩු මුද්‍රණයට කොන්ත්‍රාත්තුව දුන් පසු බොහෝ විට එයට ඇතුළත්ව ඇති විද්‍යුත් වාහන සඳහා ‘කොළ’ පැහැති අංක තහඩුවක් නිකුත් කිරීමට බොහෝ දුරටත් ඉඩ ඇති බවත් සෙසු වාහනවල පසු පස අංක තහඩුවේ පසුබිම ‘කහ’ පැහැයත්, ඉදිරිපස අංක තහඩුවේ පසුබිම ‘සුදු’ පැහැයත් ලෙස පවතින බවත් ඔහු පැවසීය.
රාත්‍රී වැඩමුරයක් පවත්වා සහ නැවතත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සේවය ලබාගෙන ඉදිරි මාස හය ඇතුළත සියලුම අංක තහඩු නිකුත් කිරීමට බලාපොරොත්තු බවත් මෙම වසරේ ජූනි 10 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා ලියාපදිංචි කළ වාහනවල අංක තහඩු මේ වන වනිට මුද්‍රණය කර ඇති බවත් ඔහු කීය.
මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ යතුරුපැදි, ත්‍රීවිල් සහ කාර් ඇතුළුව අසන්න වශයෙන් වාහන හාරලක්ෂපනස්දාහක් පමණ ලියාපදිංචි කර ඇති බව ද තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd