(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ වල අද (04) දින කැදවිමට නියමිතව තිබූ නඩු සියල්ලක්ම (11) දින කැදවීමට එම අධිකරණවල මහේස්ත්‍රාත්වරු පියවර ගත්හ.

පවතින වර්ෂාවත් සමග අධිකරණයේ කාර්ය මණ්ඩලයට, නඩුවලට පෙනී සිටින පොලිස් නිළධාරින් සහ නඩුවලට පෙනි සිටින අයවලුන්ට පැමිණිමට තරම් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම හමුවේ එම අධිකරණවල සේවය කරන නීතීඥයන් විසින් කරන ලද ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරුන් එම නඩු වෙනත් දිනයක කැදවීමට නියමිතව ඇත.