
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුන්දලම මංගලඑළිය ගම්මානයෙ පුද්ගලික ඉඩමක වැලි කැණිමකට පවතින සුදානමකට විරෝධය මතු කරමින් ජනතාව විරෝධතාවක නියැලුණහ.
මෙලෙස විරෝධතාවයට එක්වුයෙ 610 ඒ මංගලඑළිය ග්‍රාම නිළධාරී වසමේ නුග සෙවන ගම,සමිදුගම හා අක්කර භාගය යන ගම්මාන වල පදිංචි 100 කට ආසන්න පිරිසකී.
මංගලඑළිය ගම්මානය මැද පිහිටි අක්කර 16 කින් යුත් සාරවත් පොල් වගාවකින් යුත් ඉඩමක් බදු පදනමට ලබා ගත් අයකු විසින් එහි වැලි කැණීමට අවසර ඉල්ලීමත් සමග ජනතාව මෙලෙස විරෝධය මතු කරන්නට විය.
මෙහිදි විරෝධතාවයට එක්වු ජනතාව පවසා සිටියෙ මේ වන විට මෙම ප්‍රදේශයෙ වැලි කැණීම් කල ස්ථාන කිසිවක් නිසි ලෙස පුනුරුත්ථාපනය නොකිරීම හේතුවෙන් බරපතල පාරිසරික ගැටළුවක් පවතිද්දී අලුතින් කලපුව ආසන්නයෙ පිහිටි ඉඩම තුළ වැලි කැණිම යම් හේයකින් ලබා දුනහොත් එයද මේ ආකාරයටම සිදුවන බවයි.
ඒ සමගම වැලි ඇදිමත් සමග මාර්ග පද්ධති සම්පුර්ණයෙන් හානි වි විනාශ විය හැකි බවද ජනතාව පෙන්වා දීම සිදුවිය.
මේ ස්ථානයෙ වැලි කැණීම සිදුවිම තුළින් බරපතල පාරිසරික හානි සිදුවිමේ දැඩි අවධානමක් පවතින බවද ජනතාව පවසති.
අදාල වැලි කැණීම සිදු කිරීමට නියමිත ඉඩම තුළ භු විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල නිළධාරීන් විසින් මුන්දලම ප්‍රාදේශීය ලේකම් වරිය විසින් කැදවා තිබු ඒකාබද්ධ පරික්ෂණය පැවැත්වෙද්දී මෙලෙස ජනතාව විරෝධය මතු කරන්නට විය.
අදාල ඒකාබද්ධ පරික්ෂණය සදහා එක්ව සිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති රදික සංජීව මහතා විරෝධතාවය පැවති ස්ථානයට පැමින තමන් ඒ සදහා අනුමැතිය ලබා දී නොමැති බව ජනතාවට පොරෝන්දු වන්නට විය.
කෙසේ නමුත් ජනතාව පවසා සිටියේ යම් ලෙසකින් අදාල ඉඩම තුළ වැලි කැණිම සිදුවුවහොත් ඒ සදහා කිසිදු ලෙසකින් ඉඩ නොදෙන බවයි.
මේ සම්බන්ධයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඉමාෂා පෙරේරා මහත්මියගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.
“ජනතාව මතුකරන විරෝධතාවයෙ සාධාරණ කරුණු රැසක් තිබේන බවත් පෙර වැලි කැණිම් සැලකිල්ලට ගනිමින් ජනතාව නගන චෝදනා සත්‍ය බවට හැගෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් වැලි ව්‍යාපෘති මේ රටේ සිද්ධ වෙලා තියෙනවා.මෙතන ප්‍රශ්නෙ මට පේන විදිහට තමන්ගේ දේශපාලන බලවතාට නැතුව වෙන කෙනෙකුට යනවාට දක්වන විරෝධයක් මේකේ