
(යොහාන් භාසුර)
අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ අද (10) ගිවිසුම්ගතවිය.
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කමල් අමරසිහ සහ සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගමගිවිසුම් අත්සන් තැබූහ.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තුමේන්තුවේදී පැවති මෙම අවස්ථාවට, මෝටර්රථ දෙපාරේතමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඒෂියන් ටෙක්නොජි සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සහභාගී වූහ.
මෝටර්රථ දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගතවූ සමාගම මුද්‍රණ යන්ත්‍ර සංඛ්‍යාව 10 දක්වා වැඩි කර එම ගොඩගැසී තිබෙන අංක තහඩු සියල්ල කඩිනමින් නිකුත් කිරීමට නියමිතය.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කමල් අමරසිහ මහතා පැවසුවේ මෝටර් රථ දෙපාර්තමේන්තුව නිකුත් කරන අංක තහඩු මුද්‍රණය කිරීමට නව සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කළ බවත් ප්‍රසම්පාදන කටයුතු නිම කිරීමට දිගු කලක් ගතවීම නිසා මෙම කටයුත්ත මේ ආකාරයෙන් ප්‍රමාද වූ බවත්ය.
මාස 03 ක් ඇතුළත එම සමාගම අදාළ කාර්යයන් ආරම්භ කළයුතු බවටයි කැබිනට් මණ්ඩලය තිරණය කර ඇති බව කී ඒ මහතා එසේ නොමැති වුවහොත් ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් වන බව ද සඳහන් කළේය.
ජනතාවගේ දැඩි ඉල්ලීම සහ විශේෂයෙන් ආරක්ෂක අංශ මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා සහ නියොජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම සහ අධීක්ෂණය හේතුවෙන් මාස තුනක් ගතවීමට පෙර කටයුතු ආරම්භ කිරීමට අදාළ නව සමාගම එකඟවී ඇති බවත් රුපියල් බිලියන 3ක පමණ වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය ඊයේ දින සිට වසර 5 ක් දක්වා ක්‍රියාත්මක වන බවත් පැවසීය.
මාස 10ක පමණ කාලසීමාවක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නතර වී තිබූ අතර ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම ගොඩගැසී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd