
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් සිදුකර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙසද යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දෙන ලදී.
අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එයට හේතු, ආරම්භ වූ අවස්ථාව, ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හා සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය. 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබා දීම ආරම්භ කර ඇති බව ද නිලධාරීහු සඳහන් කළහ.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා වූ අතර, දැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය 678,000ක් පමණ වන අතර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් බැවින් පසුබෑම තවදුරටත් වර්ධනය වන බව නිලධාරීහු පැවසූහ. එය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද ඔවුහු සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd