(සිතුම් චතුරංග)

පොසොන් සමයේ පැමිණෙන වන්දනාකරුවන් වෙත අලෙවිකිරීම සඳහා මී පැණි ලෙස සීනි උණුකරමින් සකස්කළ කෘතිම මී පැණි ලීටර 580ක් වවුනියාව වේප්පම්කුලම හීදි  පොලිස් බාරයට ගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

අනුාරධපුර ඇතුළු ප්‍රදේශවෙත කෘතිම මී පැණි සකස්කර අලෙවිකරන නිවසක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද හදිසි වැටලීමකදී සීනි උණුකර සකස්කළ ව්‍යාජ පැණි තොගය සිය භාරයට ගෙන තිබේ.

නිවසේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ලීටර 40 ප්‍රමාණයේ කෘතිම මී පැණි කෑන් හතක් සහ මී මැස්සන් අතහැර ගිය මී වඳ කොටස්ද සොයාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.