(ඉන්දිකා  රාමනායක)

වෙළඳ සැලක  සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී. පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නානුඔය ප්‍රධාන වීදි පදිංචිව සිටින  කේ  රාමසුන්දර් (54) නැමැති අය බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ට අයත් වෙළඳසැලක් ඉහත ව්‍යාපාරිකයා ගේ පදනම මත ලබා ගෙන වෙළදම් කර ඇති බවත් ,  ගිවිසුම් කාලය අවසන් වූවද ව්‍යාපාරිකයා අයිතිකරුට යළි බාර  නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ඉකුත්  (7)  බහින්බස් වී , එම  බහින්බස් වීම දුරදිග යාමෙන් ප්‍රධාන සැකකරු ඔහුගේ සොහොයුරා සමඟ එක්වී ව්‍යාපාරිකයාට ක්‍රිකට් පිත්තකින් සහ පිහියකින් පහර දී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. නානුඔය  පොලිසිය සිද්ධිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.