
(අංජුල මහික වීරරත්න)
තාක්ෂණික සහයෝගීතාවයට සහ වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතයට ගෙන ඉන්දියාව සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.
තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමිනි.
මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයකදී ජය ගැනීමට හැකි වූ බවයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යකා හදන්නේ ලංකාව ඉන්දියාවට මුළුමනින්ම පාවලා දීලා යන්න. මුට දෙන්න ඕනා ගොබ්බ ගෝටා ට දුන්නට එහා දඬුවමක්
ඉන්දියාවට ලංකාව යටත් කරන පළමු පියවර -කොහොමත් ඉන්දියන් ණය අරගෙන කන එකේ යටත් උනත් මොකද පින්පති තුමා
තව ටික දවසකින් කියයි. ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් කියල. ඉක්මනට ඡන්දෙ තියපල්ල. මේ රටේ ඉතිරි ටිකවත් බේරගන්න. මේකා රට නැත්තටම නැතිකරලයි අපායට යන්නෙ.
එහෙනම් ලංකාවට මොන රෙද්දකටද ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ .ඉන්දියාවේ ජනාධිපතිටම වැඩේ භාර දුන්නා නම් ඉවරයිනේ
මේකේ කොමෙන්ට් දාන ගොන්නුන්ට තාම තේරෙන්නේ නෑනේ රටේ තිබ්බේ ඩොලර් අර්බුදයක් කියන එක. ලෝකේ ගොඩක් රටවල් දැන් ඩොලර් වෙනුවට විකල්ප මුදල් ඒකක භාවිතා කරන විත්තිය...!
අසල්වැසි රටවල් සමග ඉතාමත් හොඳ සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා වැදගත් ... ජනාධිපති තුමන්ට ස්තුතියි, රට වෙනුවෙන් කරන සේවය...!