(අංජුල මහික වීරරත්න)

කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (23)පස්වරුවේ පැවැත්විණි.

පෙරහර ඇරැඹීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුව විහාරස්ථ ධාතු මන්දිරයට වැඩමවාගෙන පැමිණියේය.

වාලුකාරාමාධිපති මහරගම නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර ඇසළ මංගල්‍ය පැවැත්වෙන්නේ 59 වන වරටයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)