(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් විදුලි ඒකක කෝටි 63 ක් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

රට පුරා විසිරී සිටින පාරිභෝගිකයන් මෙම  සුවිශේෂී ජාතික කාර්ය සඳහා සහයෝගය දුන් බවත් මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට  පාරිභෝගිකයින් යොමුවීම අගය කළ යුතු බවත් ඒ මහතා කීය.

මෙහිදී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් දෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කර විශේෂයෙන් බෙදාහැරීම් අංශවල කාර්ය මණ්ඩලයේ මෙහෙවර ද අගය කරන බවත් පාරිභෝගිකයන් ලංවිම සමග එක්ව කරන මෙම පරිසර හිතකාමී ව්‍යාපෘති රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.