IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෙහෙස මහන්සී වී අරමුණු ඉටු කර ගනිමු

 

(අංජුල මහික වීරරත්න)

එළඹෙන අවුරුද්ද මීටත් වඩා භාග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට වෙහෙසෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණක් බවද ජනාධිපතිවරයා කීය.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (11)

වෙහෙස මහන්සී වී අරමුණු ඉටු කර ගනිමු

Sunil Friday, 14 April 2023 07:13 AM

විකාර. ඔබේ වෙහෙස මහන්සිය යොමු වෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් කප්පාදු කිරීමට සහ රට තවත් ආඝාධයට ගෙන යෑමටයි.

:       8       19

NimalFriday, 14 April 2023 07:27 PM

පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් ඉදිරියට ගියහොත් රට දියුණු කිරීමට අපහසු නැත.

:       1       0

Sunil Friday, 14 April 2023 09:06 AM

ජනතාව කෙතරම් වෙහෙස මහන්සි වීවැඩකෙරුවද නිවැරදි දැක්මක් නැති ඔබේ නායකත්වය රටතේ රට තවත් ආගාධයට යනු ඇත. බොරු පුරසාරම් දොඩන්න එපා. විකාර.

:       8       19

Kumara Friday, 14 April 2023 10:33 AM

දුවන්න ලෑස්ති වෙන්න...

:       0       0

Shyam Friday, 14 April 2023 10:42 AM

අපි මහන්සි වෙලා වැඩ කරන්නම්, උඹලා අරමුණු ඉටු කරගනිල්ලා.

:       4       19

ලමය Friday, 14 April 2023 04:36 PM

අපිට තියෙන එකම අරමුන හොරු 134 නායකය වන ඔහෙ කොහොමද ඔතනින් එලවන්නෙ කියල

:       6       17

වර්ණකුලසූරිය Friday, 14 April 2023 04:42 PM

පක්ෂ,පාට, ජාති,ආගම් භේද පසෙකලා එකතුවීමට ආරාධනා එන්නේ කිරුළ දරා සිටිනවිට පමණි. යම් විධියකින් අනුර කුමාර ජනාධිපති වුනොත් හොරු සමඟ එකතුවී ඔය ප්‍රකාශයට අනුව කටයුතු කරන්නේද අපේ ජනාධිපතිතුමෙනි. දේශපාලකයන්ගේ ප්‍රකාශ අනුව ජනතාව වහලුන් වියයුතුද? වෙනස් වියයුතු දේශපාලනය කොතනද? රටට ආදරය කරවාට වඩා තමන්ගේ බලය සහ මඩිය තරකරගන්නා දේශපාලන සංස්කෘතිය තුරන් කරන තුරු ශ්‍රීලංකාවට දෙවියන්ගේ පිහිටයි.

:       3       14

Rohana Friday, 14 April 2023 06:05 PM

ඔය කියන වෙහෙස මහන්සිය මුලදිම තිබුනානම් මේ වෙනකොට රට දියුණුවෙන්න ඕනැ. කරපුතරමක් කලේ මහාපරිමාන හොරකම් බලයගැන පමණක් සිතා වැඩ කිරීම සහ රට වෙනුවෙන් අවංකවම කැපවී වැඩ නොකිරීම සහ අදවන විට රට ලෝකයටම ණයකාරයෙක් වෙලා ණය ගෙවාගත නොහැකි තත්වයතට පත්වීම ආදියයි. මේව නිකම්ම නිකම් ප්‍රකාශ පමණයි. තවමත් කරනවැඩක්නම් පේන්න නෑ.

:       0       3

චන්දිම ෆොන්සේකා Friday, 14 April 2023 07:25 PM

අපිට වෙහෙස මහන්සි වෙන්න කිව්වට ඔබ අවට ඔය ඉන්න හාදයන්ට නම් එහෙම උවමනාවක් තියෙන බවක් අපිට පෙන්න නම් නැහැ. ඔබ නියම මිනිහෙක් නම් මම ඔබට කියන්නේ අර අපේ රටේ මුහුදට මහා විනාශයක් කල එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය වන ඩොලර් බිලියන 30 හෝ බිලියන 10 හෝ අනිවාර්යයෙන්ම ලැබෙන ඩොලර් බිලියන 06 වත් රටට ලබා ගත යුතුයි. එකට අදාළ නඩුව කලට වෙලාවට හරියට දාන්න ඕනි. ඔබ දන්නවාත් ඇති මේ වෙනකොට සමහරු වන්දිය ගන්න ඕනි නඩුව හරියට නියමිත දිනට පෙර නොදා අමතක කරවලා අත යට ගානක් කපාගෙන රටට ලැබෙන්න තියෙන ඒ මහා මුදල ඇත යටින් කොල්ල කන්න නින්දිත උත්සාහයක් කරන බව. සමහරු සිංගප්පුරුවේ නඩු දම්මලා නඩුව පරද්ද වන්න හදනවා. ඔය සල්ලි රටට ලැබුනොත් imf ගිහින් හිඟා කන්න ඕනි නැහැ.

:       0       3

PODDA Saturday, 15 April 2023 01:59 PM

ජනතාව විතරද වෙහෙස මහන්සි වෙලා කැපකරන්ට ඕනි. පාලකයෝ කැප කරානම් රටට මෙහෙම වෙයිද?

:       0       0

ගමේ එකාලා Saturday, 15 April 2023 02:42 PM

දූෂිත පවුල් පාලනේ උන්ව ආරක්ෂා නොකර තමුන් හරියට වැඩ පෙන්වන එකනේ කරන්ඩ ඕනේ.? පින් ජනපතියාට මොනව කියන්ඩ බැරිද? ජනතාවට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්ඩ කියන දේසපාලුවන්ට නිකම් ඉන්දන් හොරාකන්ඩ ලෙහෙසි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site