(ප‍්‍රදීප් කුමාර)
ගුරු කන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත.
ඒ අනුව අද(07) වවුනියාව මහාධිකරණය හමුවේ එම විහාරස්ථානය සම්බන්ධයෙන් වූ ප‍්‍රතිශෝධන ඉල්ලීමක් හා අභියාචනයක් විභාගවීමට නියමිතව තිබුණද, එය අහෝසිවී ගොස් තිබේ.
මෙම විහාරස්ථානයේ කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙස අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගය මේ අනුව අහෝසී වී ගොස් ඇති බව එම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ රෝහණ තල්පාවිල මහතා පැවසීය.
ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර පුවරු පවා සවි කර ඇති මෙම විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම පුරා විද්‍යා නිධාරීන්ගේ වගකීමක් බව එම දායක සභාවේ නියොජිතවරු කියාසිටියහ.
එසේ නීතියට අනුව කටයුතු කිරීම හරහා මෙම විහාරස්ථානය ආරක්ෂා කරදීමටත් එහි අනාගතයේ හෝ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කරන ලෙස මෙහිදී දායක සභාවේ නියෝජිතවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේක කෝවිලේ ඉඩමනේ...
තව දවස් 40.
මෙතන තියෙනෙන් ආගම් ප්‍රශ්නයක් නොවේ වසර 2500 වඩා පැරණි නටබුන් තියනවා ප්‍රබාකරන් මේවට හානි කලේ නැහැ කිසිවිටෙකත්