(රංජිත් රාජපක්ෂ)
හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටින ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා වී.චැට් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් කියාසිටියේ දැඩි අවදානම් කලපයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා තනාපති කාර්යාලයෙන් මේ වනවිට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
චීනයේ වූහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති දැඩි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, එම කලාපය තුළ විශ්වවිද්‍යාල කිහිපයකම ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් විශාල පිරිසක් අධ්‍යාපන කටයුතුවල නියැලි සිටින බවත් පවත්නා තත්ත්වය මත විශ්වවිද්‍යාල බලධාරීන් නේවාසිකාගාරවලින් බැහැර නොයන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් හෙතෙම පැවසීය.
තමන් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සමග නිතර සම්බන්ධතා පැවැත්වුවද එහි බලධාරීන් වූහාන් ප්‍රදේශයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙතෙක් ඉවත් කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වීරතුංග මහතා කීය.
එම අවදානම් කලාපය තුළ සිටින ලාංකික සිසුන්ට කොරෝන වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇති බවත්, තමන් සමග අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 31 දෙනෙකු රැඳී සිටින බවත්, විවිධ දුෂ්කරතා සහ අවම පහසුකම් යටතේ නේවාසිකාගාර වලට වි සිටින බවත් ඔහු සඳහන් කළේය.
තමන් ඇතුළු චීනයේ වූහාන් ප්‍රදේශයේ සිටින ලාංකික සිසුසිසුවියන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙසද ප්‍රගීත් රොෂාන් වීරතුංග මහතා මෙරට බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපටි නැතිකම උජුපටිපන්න ගුණය තෙරුවන් කෙරෙහි දිවි පුදන්න ඕනෙ. ඩෙංගු හැදෙයි කියා බය නැතුව මදුරුවෝ මරන්නේ නැතුව ඉන්න එකත්. කොරොනා හැදෙයි කියා බය නැතුව කර්මය විශ්වාස කොට මුකවාඩම් බැද හෝ නොබැද අන් අයට උපස්ථාන කිරිමත්, ඡන්දය පරදි කියා මිසදුටුවන්ට සත්‍යයය පාවා දිමත්, මනුස්සකමට චිනුන්ට ලංකාවට ඒමට අවසරය දිමත්. කොටින්ම කියනවානම් තෙරුවන්ට දිවිපුදා ධම්මෙ භවෝ රක්ඛති ධම්මචාරි කියන ධර්මය අනුව ජිවත් වන්නා ධර්මය විසින් ආරක්ෂාකරන බව කියන වැකිය විශ්වාස කිරිමත් 26 දිගුවක්.
ඒ කොටසේ ඉන්න කාටවත් එළියට එන්න දෙන්නේ නෑ. යන්න පුලුවන් හැබැයි එන්න බෑ ඒ කොටසට... අර ඊයේ පෙරේදා මෙහෙට ආව අය කිලෝමීටර් 1000කට එහා විතර ඉන්න පිරිසක්. එයාලාව නම් ගෙනාවේ එක්තරා කට වාචාල ඇමති කෙනෙක්ගේ ළමයා ඉන්න නිසා කියලයි ආරංචිය...
ලංකාවේ සිටින අපිත් දැන් අසරණ වෙලයි ඉන්නෙ පුතේ.
මහ ලොකුවට කිව්වේ ඔක්කොම හරි ගුවන් යානයක් යැව්වා කිව්වා... ඔක්කොම බොරු. මාධ්‍ය ෂෝ තමයි ඔක්කොම... මෙහෙ ඉඳන් මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මහජනතාව ගොනාට අන්දනවා. අර සුදු ඇඳගත්තු මහත්තයයි උගුර ලේ රහ වෙනකම් පාර්ලිමේන්තුවේ කෑ ගහන ඇමරිකන් විරෝධී මහතායි සද්ද නැහැ. තමන්ගේ දරුවාව විතරක් ගෙන්න ගෙන තියෙනව කියන්නේ...
වූහාන් වල සිටින කිසිම රටක කෙනෙක්ට පිටට යන්න දෙන්නේ නෑ. ආපහු ගෙන්න ගන්න ඉඩ ඉල්ලුවට චීනෙන් දෙන්නේ නෑ. තානාපති කාර්යාලයට කරන්න පුලුවන් දෙයක් නැහැ අවසර නැත්නම්...
ඇමති මණ්ඩලයේ නෑයෙක් හිටියානම් ඉක්මනින් ගෙන්වා ගනී. දැන් කරන්න යන්නේ වුහාන්වල ඉන්න ළමයින්ට බත් පාර්සල් යවන එකලු.