IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි

බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා මිය ගියේය. ඔහු සමග යතුරු පැදියේ ගමන් කළ පොලිස් නිලධාරියා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඩිෆෙන්ඩර් රථය පැදවූ නීති ශිෂ්‍යයා බීමතින් සිටි බවට තහවුරු වූ බවත් ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය.

වැල්ලවත්ත පාමංකඩ මායා වටරවුම ප්‍රදේශයේ මෝටර් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 41 හැවිරිදි තිදරු මවක මිය ගියාය. ඇය ගමන් කළ රිය පැදවූ සැමියා බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද මාධ්‍ය වාර්තා කළේය. එසේ අකාලයේ ජීවිතයට සමුදුන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියක වූ විණාවි සුලක්ෂණා මාපිටිගම මහත්මිය බවද සඳහන්ය. ඔවුන් ගමන් කළ මෝටර් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

මහ මගට බැසීම දින නියමයක් නැති මරණ වරෙන්තුවක් අතට ගැනීමක් යැයි සිතෙන තරමට රිය අනතුරු සම්බන්ධ පුවත් වාර්තා වෙමින් තිබේ. කොරෝනා මාරක වසංගතය පැමිණීමට පෙර ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ ද රිය අනතුරුය. මෙම රිය අනතුරු අවම කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් මෙන්ම දියුණු වැඩපිළිවෙළක අවශ්‍යතාව ඒ සමයේ තියුණු සංවාදයකට ලක් විය.

කොරෝනා මාරාන්තික වසංගතය හේතුවෙන් දෙමාසයකට වැඩි කාලයක් රට හුදෙකලා කෙරිණි. මාරාන්තික වසංගතය හරහා මරණ බියක් නිර්මාණය කර තිබුණද රිය අනතුරු වාර්තා නොවීමේ සතුට ගංවතුරක් මෙන් ගලා ගියේය. එහෙත් කොරෝනා බිය පහව ගොස් රට යළිත් පිබිදෙමින් තිබෙන මොහොතක රිය අනතුරු භීතිය යළිත් රට දෙවනත් කරමින් තිබේ. මෙම මාරාන්තික ව්‍යසනය සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් අවධානය යොමු කළ යුතු මොහොත උදාවී තිබේ.

බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ රිය අනතුරෙන් මිය ගිය රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා විශේෂ අවධානයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයකි. කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක් කොල්ලකා පලා යමින් සිටි වෛද්‍යවරයා හඹා ගොස් කුදලා ගැනීමට සිතුම් දුලීප ද දායක විය. එම වෛද්‍යවරයා මුදල් කොල්ල කා පලා ගියේ  පිස්තෝලයක්ද සමගිනි. එය ව්‍යාජ පිස්තෝලයක්ද නැද්ද යන්න ඒ මොහොතේ නිශ්චය වී නොතිබුණ පරිසරයක එම වෛද්‍යවරයා කුදලා ගැනීමේ මෙහෙයුමට නිර්භයව ඔහු දායක විය. එම වීර ක්‍රියාව සම්බන්ධයෙන් මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනා හා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව විශේෂ ඇගයුමට ලක්විය. රිය අනතුරෙන්  එසේ අකාලයේ මිය ගියේ එවන් නිර්භීත පොලිස් නිලධාරියෙකි.

එම පොලිස් නිලධාරියාගේ මව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මුදල් කොල්ලකෑ වෛද්‍යවරයා කොටුකර ගැනීමේ මෙහෙයුමට තම පුතා සම්බන්ධ බවට තමන් දැන ගනු ලැබුවේ ඉන් දින කිහිපයකට පසුව බවය. ‘රාජකාරියට අදාළ කිසිම දෙයක් පුතා අපිත් එක්කවත් කතා කරන්නේ නෑ’’ ඒ අම්මා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කළ එම පොලිස් විරුවා තම රාජකාරියට සාධාරණය ඉටු කර ඇති බවය. මහමග එසේ අකාලයේ මියගියේ රටේ අනාගතයට වැඩදායි මිනිසෙකි. වැල්ලවත්ත පාමංකඩ මායා මාවත ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් කුඩා දරුවන් තිදෙනකුට ආදරණීය මව අහිමි විය.

ඉහත සිදුවීම් දෙක ඇසුරෙන් වුවද  රිය අනතුරුවල අලාභය වටහා ගත හැකිය. මහ මග යකඩ තහඩු කඳන් අතරේ ඇඹරී මිය යන්නෝ රට සරසන්නට පුළුවන්  මිනිස්සුය. මේ රටේ අනාගතයට ඇවැසිම මිනිස්සුය. මේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත යුතුය. එය තවදුරටත් කල් දැමිය හැකි නොවේ.

යම්කිසි සමාජයක  පැවැත්මට යම් තර්ජනයක් එල්ලවන්නේ නම් සමාජයේ පැවැත්ම අභියෝගයට ලක් කරන්නේනම් එය සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනේ. ඒ අනුව රිය අනතුරු යනු සමාජ ප්‍රශ්නයකි. සමාජයේ පැවැත්ම බරපතළ ලෙස ප්‍රශ්න කරන්නකි. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැතිව මහ මග බැසීමට පුරවැසියාට හැකියාවක් නොමැති නම්, තමන් නිවෙසේ  සිටියද මහ මගට පිවිසි තම පවුලේ සාමාජිකයාගේ ජීවිතය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවීමට සිදුවන්නේනම් එය ඉතා දුක්ඛිත තත්ත්වයකි. ඛේදවාචක යනු ඒවාය. සමාජයක් වශයෙන් අප සිටින්නේ එබඳු ඛේදවාචකයක් මත දෙපා තබා ගෙනය. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

තිස් වසරක යුද්ධයෙන් මිය ගිය මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා මිනිසුන් පිරිසක් වසරකට රිය අනතුරුවලින් මිය යන බව සත්‍යයකි. ඇතැම් රිය අනතුරුවලින් පවුල් පිටින් මිහිදන් කිරීමට සිදු වූ බව ද සත්‍යයකි. ඉපදෙන සෑම මිනිසකුම කවදා හෝ දිනෙක මිය යනබව සැබෑවකි. එහෙත් එසේ යැයි කියා නිස්කාරණේ මහමග මිය යා යුතු නැත. මෙම ඉරණම වෙනස් කිරීම සඳහා නොපමාව අවධානය යොමු කළ යුතුය. එය ජාතික අවශ්‍යතාවකි.



අදහස් (10)

වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි

Rohana Thursday, 18 June 2020 06:40 AM

මරණීය රිය අනතුරුවලදී කිසියම් රියදුරකු උසාවියෙන් වරදකරු වුනොත් දිවිඇතිතෙක් හිරේ යැවීම වැනි උපරිම දඬුවම් නියම කරන්න බැරි ඇයි?

:       0       287

Bamunuarachchi Thursday, 18 June 2020 06:49 AM

ප්‍රධාන නගර තුළ සිදුවන අනතුරුවලට පළමුව වගකිව යුත්තේ හික්මීමක් නැති පාදඩ ත්‍රීවීලර් කාරයින් සහ මොරට සයිකල් කරුවන්ය. මෝටර් සයිකල්කරුවන් ගේ වැරදිවල බොහෝ අවස්ථාවල ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවන නිසා අපිට ඒ ගැන එතරම් අමාරුවක් නැත. එ්ත් ත්‍රීවීලර්කරුවන් කරන වැරදිවලට අපිද බොහෝ අවස්ථාවල අනිකුත් වාහන වල ගැටෙන්නට සිදුවන අවස්ථා ඇත... මගේ ප්‍රතිපත්තිය වන්නේ ත්‍රීවීලර් කරුවෙකු ජීවිතය බේරාගැනීම නොව වෙනත් වාහනයක සීරීම වළක්වා ගැනීමයි...

:       1       148

wickyThursday, 18 June 2020 08:33 AM

ටුක් ටුක් වලට තියෙන්නේ පුදුම මානසිකත්වයක්.. බයික් පදින අයගෙන් බොහෝමයක්ද ඒ වගේමයි... බොහෝදෙනා නීතිගරුකව ධාවනය කරනවා. ඔබ කියන දේ හරි ටුක් ටුක් සම්බන්ධයෙන් සහ, බයික් සම්බන්ධයෙන් දැඩි වෙන්න ඕනෙ අනික් රියදුරන්.. බස්, ලොරි, ටිපර් රථ රියදුරන්ටත් නිසි වේගසීමා සහ අනෙකුත් නීති සම්බන්ධයෙන් උපරිම දඬුවම් ලබාදෙන්න ඕනේ...

:       0       31

ranilThursday, 18 June 2020 09:44 AM

ටෝක් එක දෙන්නේ මහලොකු සිංහල බෞද්ධයෙක් කියලා.. මෙතන කියන්නේ වාහනේ වටිනවා, ත්‍රීවිල් හරි, බයිසිකලයක් හරි පදින කෙනෙක්ට වැඩිය කියලා.. මේ වගේ පොරවල් මේ රටට පවක්... මේ දෙන්නම මැරුනෙ එන වාහනේ ඉස්සරහට නොසලිකිලිමත් ලෙස දාලා... ත්‍රීවීල් කාරයින්ට, බයික් කාරයින්ට, අනික් හැමෝටම තියෙන්නෙත් එක සමාන ජීවිතයක් කියල හිතන්න අන්කල්... ඔයා මැරෙන්න කිට්ටු කාලෙ මෙච්චර නපුරු මිනිහෙක් වෙන්න එපා..

:       20       0

BamunuarachchiThursday, 18 June 2020 03:39 PM

හලෝ ටෝක් එක එ් විදිහමයි පව්කාරයාට සමාව දීමක් මගේ පොතේ නැත. ත්‍රීවීලර්, මෝටර් සයිකල් කාරයින්ගේ නිහික්මුණු පාදඩ වැඩ පරිස්සම් කරන්න ගිහිල්ලා අපි මොකටද තවත් අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති කරන්නේ තව කාටවත් පාඩුකරන්නේ ඔවුන් කරන පාපකර්මවල ඵලවිපාක ලැබුවාවේ.. ඒ පව් වෙන කෙනෙකුට පටවන්නේ මොකටද? මම බාරගන්නේ මොකටද? ත්‍රීවීලර් මෝටර් සයිකල් කරුවන්ගේ හැසිරීම දන්නේ වාහන පදවන අපි... බස්වල යන ඔහෙලාට ඒවා තේරෙන්නේ නැත.

:       0       0

BamunuarachchiuFriday, 19 June 2020 02:38 AM

කාගේවත් කර්ම වලට අපි කර ගහන්න ඕනේ නැහැ නේද? මාර්ග නීති කඩන කර්මය කරන අය ඒ නිසා පලදෙන දීට්ඨධම්මවේදනීය කර්මයට මුහුණ දුන්නාවේ.

:       0       0

raheem Thursday, 18 June 2020 07:34 AM

ලංකාවේ ත්‍රීවීල් රියදුරන්ට සහ ගමන් කරන මගියන්ට අනිවාර්යයෙන්ම හෙල්මට් පළඳින්න නීතියකුත් ගෙනාවොත් හොඳයි.

:       0       0

kamal Thursday, 18 June 2020 07:42 AM

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් පදවන්න තරම් අතමිට සරු ශිෂ්‍යාගේ තාත්තා කවුද කියලා හොයලා බැලුවා නම් ප්‍රශ්නයට උත්තරේ එතැන තියේවි...

:       0       0

sanjeewa Thursday, 18 June 2020 08:06 AM

මගේ පියා රිය අනතුරකින් නැති වුණා. දැන් අවුරුදු 10ක් අපි නඩු කියනවා.. මමයි, මල්ලියි හොඳ වෙලාවට ඉගෙනීම අවසාන කරලා හිටියේ පිටරටක වැඩ කරලා තමයි අම්මව, නංගිව බලාගන්නේ... අපි 3 දෙනාම ඉගෙන ගන්න වයසේ හිටියා නම් අපිට මොකද වෙන්නේ..? අපිට වන්දි ලැබෙනකොට වෙන්න ඕනෙ හරිය වෙලා...

:       0       12

ravi Thursday, 18 June 2020 08:52 AM

ඔය වාහන කියන දේවල් අපේ රටේ නොතිබුණා නම්, හුඟක් පාසල් දරුදැරියන්, හුඟක් අය තාමත් ජීවතුන් අතර නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 265 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 611 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site