
(සුජිත් හේවාජුලිගේ)
වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
මෙරට විශාලතම අර්බුදය වුණු රෙමිටන්ස් අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද සඳහන් කළේය.
ලබන මාසය වනවිට වාහන සඳහා අදාල එච් එස් පී හෝට් 270 කට ආසන්න ප්‍රමාණය හැර අනෙකුත් ඕනෑම සියලුම භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන හැර රට බඩුවලට අවසර
Pradeep Kumara Saturday, 23 September 2023 10:28 AM
ඒක හොඳයි, කොහු ලණු, කොහු බුරුසු එහෙම අයෙත් චීනෙන් එයි.
lakitha Saturday, 23 September 2023 02:00 PM
අපේ රටේ දේශපාලකයෝ අසමත්. ඔවුන් තෝරා යවන ජනතාවත් අසමත්. විසඳුම කුමක්ද?
MO77Sunday, 24 September 2023 01:18 PM
පළමුවෙන්ම කළයුත්තේ පාර්ලිමේන්තුව පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 50% කින් අඩුකිරීම. දෙවනුව දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය, මනාප ක්‍රමය වෙනස් කිරීමයි. රජ්‍ය සේවය දැනට තියෙන ප්‍රමාණයෙන් තුනෙන් එකක් දක්වා අඩුකළ යුතුයි. හතරවෙනි දීර්ඝ කාලීන ආයෝජනවලට බදුසහන දීමත් අනෙකුත් සියලුම බදු ස්ථාවරව දිගු කාලයක් පවත්වා ගැනීම කළ යුතුයි. රජයේ සියලුම සේවා ඩිජිටල්කරණයට භාජනය කළ යුතුයි. මීළඟට අධිකරණය ලබාදෙන තින්දු වේගවත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය... විශේෂයෙන්ම ව්‍යාපාරික හා දේපළ හා සම්බන්ධ නඩු විභාග... අවසාන වශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පමණක් නොව සේවා සඳහා මිල දර්ශකයක් හඳුන්වාදිය යුතුයි... උදාහරණයක් ලෙස කුලීරථ ගාස්තු, නීතිඥ ගාස්තු පෞද්ගලික වෛද්‍ය...
de silva Sunday, 24 September 2023 04:33 PM
කොහු ලණු, කොහු බුරුසු වැනි දේවල් චීනෙන් ගෙනත් මෙහෙ තරගකාරී මිලට දෙන්න පුළුවන් නම්.. කළ යුත්තේ ඒවාට වැට බැඳීම නොව මෙහෙ නිපදවන ඒවාම මිලට දෙන්න බැරි මොකද? කියා සොයාබලා පිළියම් යෙදීමයි.