(ටී.කේ.ජී.කපිල )
වූහාන් හි දැනට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් පිරිසකට රැස්කර ගත් ආහාර සංචිත අවසන් වෙමින් පවතින හෙයින්, එම ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය විටමින් ඔවුන්ට සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
වූහාන් හි ඔවුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල සහ ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වලින් එම සිසුන්ට පිසූ ආහාර ලබා දෙන බවත්, එහෙත් එම සිසුන් මෙම ආහාර මගින් වෛරසය තමන් වෙත ද වැළදීම සිදුවිය හැකි යැයි සිතා , එම ආහාර ලබා ගැනීමට අකමැත්තක් දක්වන බවද ලේකම්වරයා පැවසීය .
මොවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා චීන රජය මෙන්ම හූබෙයි ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් සමඟ ද ශ්‍රී ලංකා රජය මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය .
මේ අතර ඊයේ (29) රාත්‍රී 6.10 ට කුංමිං සිට එම්.යූ.- 713 දරන ගුවන් යානය සහ රාත්‍රී 6.28 ට ෂැංහයි සිට එම්.යූ.- 231 දරන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් පැමිණ තිබේ .
ඊට අමතරව එදිනම රාත්‍රී 9.10 ට චොංකිං සිට චොංකිං ගුවන් සේවයේ ඕ.කිව්.- 2393 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, එම ගුවන් යානාවල ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු පැමිණ තිබේ.
ඊට අමතරව අද (30) අලුයම චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකින් ද තවත් ශ්‍රී ලාංකික සිසුන් 110 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
ඔවුන් අද (30) අලුයම 5.10 ට ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් ද ,අලුයම 5.50 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් ද , ග්වැන්ෂෝ සිට අලුයම 6.10 ට පැමිණි යූ.එල්.- 885 දරන ගුවන් යානයෙන් ද මෙම සිසුන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි .
ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබිණි .
එහෙත් ඔවුන්ට මෙම වෛරස රෝගී ලක්ෂණ පහළ වුවහොත් , වහාම ළගම ඇති රෝහල වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද ඔවුන්ට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් උපදෙස් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් අපේ අය නයි,පොළොංගු, වවුල්ලු කන්නේ නැහැනේ. ඒ අයට සුදුසු අහාර මෙහෙන් යැවීම අගේකොට සැළකිය හැකිය.
කරුණාකර බොරු ප්‍රචාර යවන්න එපා. කෑම තියා බෙහෙත් පෙත්තක්වත් වූහාන් වල කට්ටියට එම්බසි එකෙන් යවන්නේ නෑ..
ඔයාලා දෙපැත්තට ඇදඇද ඉන්න.. ළමයි අමාරුවේ වැටෙනකම් අර බේබි ලංකාවට ගෙන්න ගත්තානේ.. ඒ ඇති..
කෑම යවන්නත් ගුවන් යානයක් ඕනේ.. ඉතින් අපි ගුවන් යානයක් යවලා ඔය ආචාර්ය උපාධි කරන්න ගියපු රජයේ අධ්‍යාපන ආයතනවල සහ විශ්ව විද්‍යාල වල ළමයි ටික එක්කන් එමුකෝ..