IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාහන සිහිනය හැබෑ කරවන මාර්ග සිතියමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) ප්‍රකාශ කළේය.

මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමඟ එම මාර්ග සිතියම ආරම්භ වනු ඇතැයි ඔහු පැවැසුවේය. අනතුරුව මෙම වසරේ සිව්වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා අවසර ලැබෙනු ඇති බවත් ඉතිරි වාහන සඳහා 2025 වසරේදී ක්‍රමානුකූලව අවසර ලැබෙනු ඇති බවත් බෘවර් මහතා ප්‍රකාශ කළේය.

ඉන් බදු අදායමට සහ සංචිතවලට ඇතිවන බලපෑම ඇතුළත් සවිස්තරාත්මක සැලැසුමක් එළඹෙන 15 වැනිදා වනවිට සූදානම්වී අවසන් වනු ඇතැයිද පීටර් බෘවර් මහතා පැවැසුවේය.වාහන ආනයන සීමා ලිහිල් කිරීම තුළින් ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයට සියයට 0.8 කින් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව ඔහු පැවැසුවේය.



අදහස් (5)

වාහන සිහිනය හැබෑ කරවන මාර්ග සිතියමක්

NIMAL Friday, 14 June 2024 05:28 PM

මොනවා වුණත් අන්තිමට ඒකටත් සුද්දෙක් තමා මැදිහත් වෙලා අපිට පිහිට වුනේ. අපේ කළු සුද්දෝ හැමදාම කරේ අපිව හූරන් කන එක.

:       3       17

ලසන්ත Friday, 14 June 2024 06:08 PM

ඔයිට වඩා මෙච්චර දුකක් කරදරයක් නැතිව ලබන ආදායමෙන් ජීවත් වෙන්න අත්‍යවශ්‍ය තුන්වේල කන්න පුළුවන් වෙන, ජලය, විදුලිය, ගෑස්, ප්‍රවාහන බිල්පත් ගෙවාගන්න පුළුවන් වෙන, මාර්ග සිතියමක් හදලා මේ රටේ මැටි පාලකයන්ට දුන්නොත් ඔයගොල්ලන්ට පිං!

:       4       27

පින්පති Friday, 14 June 2024 06:56 PM

දැන් එතකොට පිනාද ඔය අහවල් රට පාලනය කරන්නේ මේ අයිඑම්එෆ් එකේ කට්ටියද ?

:       0       0

මහීලාල් Friday, 14 June 2024 08:03 PM

හොද වෙලාවට සුද්ද ප්ලෑන් එක හැදුවේ. අපේ අය හැදුවනම් මුලින්ම අවසර ලැබෙන්නෙ V8 වලට. අන්තිමට ලොරි/බස් වලට.

:       0       20

pakeer Saturday, 15 June 2024 04:08 PM

වාහන නැවැත්තුවේ 2020. සල්ලි තියෙන එවුන් ගාව තියන සේරම 2019සහ 2020 ගත්ත වාහන ඒවාට අවුරුදු පහක් ඉවරයි. 2025 වෙනකොට ඉතින් මහ ලොකු පුදමයක් නෙමෙයි. උන් ආයෙත් අලුත් වාහන ගන්න එක. 2025 ඔන්න බලාගනින් අලුත්ම වාහන ගන්න ආයෙත් මාස 6-12 අතර ආයෙත් වාහන ගේන එක නවත්වනවා. වාහන ගෙන්න ගන්න තරම් අපිට ආර්ථිකයක් නැ.ඕක ජන්ද ගුන්ඩුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site