(ඩයනා උදයංගනී)
වාහන ලියාපදිංචි කිරීමේ දී ලබාදෙන ලියාපදිංචි සහතිකය, අංක තහඩු හා ස්ටිකර ආදිය ලබාගැනීමේදී සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් වැළැක්වීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සීඝ්‍රගාමී කුරියර් සේවාව හරහා ඒවා බෙදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබාගැනීමට සැලකිය යුතු කාලයක් හා වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර නව රියදුරු බලපත්‍ර සේවාදායකයන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළත් එහිදීද යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇති බවත් එම අපහසුතා වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1) පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම නව වාහන අංක තහඩු කුරියර් මගින් ලබාදීමේදී පැරණි අංක තහඩුව නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙස මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දුන් බව ද ගම්මන්පිල මහතා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කලිනුත් මේ යෝජනාව ගෙනාවා. වඩා සුදුසු නැද්ද, වාහනේට ජීවිත කාලෙටම අඳුනා ගැනීම නොම්මරයක් දෙනවට වඩා... වාහනේ අයිතිකරුට ජීවිත කාලෙටම එක නොම්මරයක් දෙනවා මුල්ම වාහනේ ඉඳලා. ඒ වාහනේ විකුණන කොට නම්බර් ප්ලේට් එක ගලවා ගන්නවා. එයාගේ ඊළඟ වාහනේට හයි කරගන්න. අද ලංකාවේ පාරේ වාහන මේනියාවේ මුල... මේ දිනපතා අලුත් වන වාහන නොම්මරේ. මේ මේනියාව පාරෙන් අයින් කරන්න ලේසිම ක්‍රමය මේක. පාරත් නිවෙනවා. කාර් ආනයනය ඉබේම අඩු වෙනවා. කාර් ඉල්ලුම මෙහෙයවන්නේ නම්බර් මේනියාවෙන් නිසා. හුඟාක් වාහන නීති විරෝධී ක්‍රියා පාලනය කරන්නත් ලේසියි... සියලු දෙනාම තමන්ගේ නම්බර් එකට වග කියන නිසා. අකමැති වෙන්නේ කාර් සේල් කාරයෝ හා ඒ අදාළ කොමිස් ගන්න අය විතරයි...
Buddhika, මහතාගේ යෝජනාව හරියට හරි... වෙනත් දියුණු රටවල් වල කරන්නේ මේ ක්‍රමය තමයි. අපි තවම නොදියුණු ජාතියක් වෙලා සිටින්නේ මේ හේතුව නිසයි.
කොචිචර පොඩි වැඩක්ද තියෙන්නේ ඔන් ලයින් ලොග් වෙලා කාඩ් එකකින් අදාල මුදල ගෙවලා ගන්න කීවා නම් මේ කොරොනා කාලේ කොච්චර වටිනවද? අනික මම දැනට දැකලා තියෙනවා වෙන රටවල මේ කොරොනා නිසා කාර්යාල විශ්ව විද්‍යාලවල අතින් අල්ලන්නේ නැතිව ඔටො සෙන්සර් දොරවල් හයි කරලා තියෙනවා. අඩුම අපිට ඒවා නැතත් ඔන්ලයින් වැඩ ටික කරගන්න ක්‍රමයක්, විධිමත් ලෙස තියෙනවා නම් කොච්චර වටිනවද? ලංකාවේ කොච්චර දක්ෂ අය ඕවාට වැඩ කරන්න ඉන්නවාද? මම දවසක් දැනට ඔන්ලයින් වගේ මොකද්දෝ තියෙනවා ඔය වැඩේට... එ්ත් විධිමත් මදි, අනික තාක්ෂණය තුළින් මිනිසෙකුට වේගයෙන් වැඩක් කරගෙන යන්න මෙහෙයුම් දත්ත පද්ධතිය සකසන්න ඕනෑ, අනික තමන්ගේ වාහනේ එක්කො චැසි නොම්මරය... නැතිනම් හඳුනා ගැනීමේ අංකය සටහන් කරන විට අදාල තොරතුරු ඔටො පොපප් වෙන විදියට ලෝකයේ සිස්ටම් තියෙනවානි. තේරෙන්නැ කොහොම මෙවා කියන්නද කියලා...
නැතිවුණු හෝ කැඩුණු අංක තහඩුව වෙනුවට අලුතින් තව එකක් ගන්නේ කොහොමද?