
(යොහාන් භාසුර)
වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ කඩදාසි කොළ 12 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාස කොළ 6 ක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබන ජනවාරි 1 වෙනිදා සිට භාවිතා කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.
එම ලිපි ගොනුවේ සංකීර්ණ බව පිළිබඳව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට සහ කඩදාසි සම්බන්ධය රට මුහුණ දී සිටින ගැටළුව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වෙනස කළ බවත් ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.