IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වුහාන් නගරයේ දොරගුළු විවර වෙයි

කොරෝනා වයිරස ව්‍යාප්තිය පටන්ගත් චීනයේ වුහාන් නගරයේ වසා දැමීම් ලිහිල් කරමින් නගරයට ඇතුළුවන මාර්ග විවෘත කළ අතර දුම්රිය සේවා යළි ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 
 
2019 වසරේ දෙසැම්බර් අග දී ප්‍රථම වරට වයිරස ව්‍යාප්තිය ඇරඹුණු හුබෙයි පළාතේ වුහාන් නගරය මාස දෙකක පමණ කාලයක් හුදකලා කර තිබිණි.
 
අද(28) උදෑසන පළමු අධිවේගී දුම්රිය නගරයට ඇතුළුවුණු අතර බොහෝ පිරිස් දුම්රිය වේදිකාවල රැස්වී සිටි බව සඳහන් වේ.

චීනයේ  කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 60ක් වුහාන් නගරයෙන් වාර්තා විය.
 
නමුත් මෑත සතිවල රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් පහල ගිය අතර වාර්තා වුණු වැඩි පිරිස විදේශයන්හි සිට නැවත චීනයට පැමිණි අය බව සඳහන් විය.
 
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසා සිටියේ පසුගිය දිනය තුළ වාර්තා වූයේ නව රෝගීන් 54ක් සහ මරණ තුනක් බවයි. 
මේ අනුව කොරෝනා වයිරසයෙන් චීනයේ වාර්තා වූ සම්පූණ රෝගීන් සංඛ්‍යාව 81384ක් දක්වා ඉහල ගොස් ඇති ඇත. 
වයිරස ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ 3295 දෙනකු මියගියහ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (1)

වුහාන් නගරයේ දොරගුළු විවර වෙයි

sampath Saturday, 28 March 2020 04:26 PM

අනේ කොයිතරම් සොදුරු නගරයක්ද වූහාන්...? සකුරා මල් පිපෙන ඉතාමත් හිතහොද මිනිසුන් ජීවත් වුණු නගරයක්... ජීවිතයේ තව වරක් ආසයි ඇවිත් යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 269 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site