
(යොහාන් භාසුර)
වාහන වායු විමෝචන සහතික (දුම් සහතික) නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිකිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව , මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ උපාධිධාරී පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස්කර ඇති බවත් එම නිලධාරියා කීය.
එම මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට හා මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන දුම් සහතික මධ්‍යස්ථාන වටලයි
Nimal Saturday, 05 August 2023 12:25 PM
මේවා දැන් මහා පරිමාණ හොර ගුහාවල් වෙලා... සල්ලි දීලා ඕනෙම වැඩක් කරගන්න පුළුවන්...
Janaka Saturday, 05 August 2023 04:06 PM
තේරුමක් නැති දෙයක්... එක්කෝ ටෙස්ටින් නොමිලේ කරන්න ඕනෑ... පුදුම දුකක් විඳින්නේ මේ රටේ මිනිස්සු...
සනත් බණ්ඩාර Saturday, 05 August 2023 07:19 PM
ලෝකයේ වැඩිම රථවාහන තියෙන ඇමරිකාවේ දුම් පරීක්ෂණ කරන්නේ නැහැ. අපිත් ඕක නවත්තලා දාන්න තියෙන්නේ...!
Lalla Saturday, 05 August 2023 11:02 PM
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න උපාධිධාරී නිලධාරීන් ඔක්කොම කලා උපාධිය ගත්ත වැඩිපුරම බාහිර උපාධිය ගත්ත අය. ඔවුන් මොනවද වාහනවල විමෝචනය සම්බන්ධව දන්නේ? එයාලාට ජරාව කන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක් වගේ?
Perera Sunday, 06 August 2023 01:55 AM
රජයේ වාහන වලට එක නීතියක්... පුද්ගලික වාහනවලට තව නීතියක්... පාරේ දුවන අබිලි රජයේ වාහන දුම් වලාකුළු පිටකරන් ගියත් ඒවාට නීතියක් ක්‍රියාත්මක වෙන පාටක් නම් නැහැ.
සකල ගුරු Sunday, 06 August 2023 01:06 PM
පුද්ගලික අංශයේ සමහර ලොරි යනවිට ගල් අඟුරු කෝච්චි මතක්වෙනවා... ඒත් ඒවත් දුම් සහතික ඉදිරිපත් කරලා වාර්ෂික ආදායම් බලපත්‍රය අරගෙන තියෙනවා... ඇත්තටම මහත්වරුනි, ගමනාගමන මණ්ඩලයේ බස්වලින් පිටවෙන දුමෙන් හානියක් වෙන්නේ නැද්ද? ප්‍රවාහන කොමසාරිස්තුමා මොකද කියන්නේ අප බලාගෙන ඉන්නවා...!
de silva Sunday, 06 August 2023 01:16 PM
ඕවා වහලා දාන්න.... එහෙම නොමැතිනම් 250CC වලට අඩු ත්‍රිරෝද රථ, කුඩා යතුරු පැදි සහ අවුරුදු 40කට වඩා පැරැණි වාහන ඕකෙන් නිදහස් කරන්න.