(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය පැතිරයාම නිසා වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට ද එක්වූහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා කාර්ය මණ්ඩලය මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්විය.
මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
මෙහිදී ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ බව කී ජනාධිපතිවරයා ඔවුන් ගත් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් වූ බව ද සඳහන් කළේය.
ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව කෙසේවෙතත් සමහර දේශපාලුවොත් කරලා තියෙන්නෙත්, කරන්නෙත් පරිසරයට හානිවෙන වැඩ.. ගස් කපන, කැලේ කපන, වැලි ජාවාරම් වැඩ කරවන්නේ... කවුරුවත් නොවෙයි.
එයා බස් වර්ගයේ ගුවන්යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් සමාගමේ සිදුවුණා කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ දවස්වල කෙරෙන ප්‍රචාරයන් " කොරෝනා වෛරසය පැතිරීයාම නිසා චීනයේ හිරවී සිටි ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමට අති විශිෂ්ඨ වීර ක්‍රියාවක් සිදුකළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඒ උදාර සේවාව යටපත් කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග ගන්නා කපටි උත්සාහයක් " කියලත් සමහර මාධ්‍ය සහ දේශපාලඥයින් කියන්න පටන් අරගෙන නේද? ලෝකයේ අනෙකුත් සියලුම රටවල ගුවන් සමාගම් එ් රටවල ජනතාව චීනයේ සිට ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළ බව මේ සේරම හංගලා කතාකරන බවයි පෙනෙන්නේ... එ් රටවල ජනතාව ආපසු ගෙන්වා ගැනීමට ගුවන්යානා චීනයට ගෙනගිය කිසිකෙනෙකුට අපේ රටේ වගේ ප්‍රශංසා කරනවා... පුවත්පත් සාකච්ඡා තියනවා හෝ පිළිගැනීම් සංවිධානය කරනවා. අපි නම් දැක්කේ නැහැ. අනේ අනිච්චං. දැන් කට්ටිය කියයි "ඔන්න ඔන්න දේශ ද්‍රෝහියෙක් කතා කරනවා" කියලා...
ජනාධිපතිතුමනි, ඔබතුමා ප්රගතිශීලි, ජනතාවාදී, අවංකව ක්‍රියාකර ඇත. ඔබ, ජනාධිපති තනතුරට දායාද කළ නව සංස්කෘතියක් පමණක් නොව, එය ආදර්ශයක් ලෙස සලකා මුළුරටම වෙලාගත් භූමියක් බවට පත්වෙමින් පවතී. මොනම බාධකයක් පැමිණියත්, ඔබගේ ඒ අවංක ක්‍රියාවලිය නතර නොකරන්න. ඒ තුළින් ඔබ, අප රටේ ලීක්වාන් යූ, ෂි ජි පින්, පුටින්, චර්චිල්, ලින්කන්, ඩිගොල්, මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, ජින්නා, ශින්සු අබේ, මුන් ජේ ඉන්, හෙල්මුට් කෝල්, මැකෙන්සි කින් .......... වැනි චරිතවලින් මුහුම් වූ ඉතිහාස ගතවන චරිතයක් වනු ඇත.
වෙල්ඩන් ටීම්... ජයවේවා...!!!
සුබ පැතුම් මගෙනුත්.. රට වෙනුවෙන් ඔබ කළ ඒ පරම යුතුකම වෙනුවෙන්...!!!
ගරු ජනාධිපතිතුමනි, කපිල වගේ අයවලුන්ට උපරිම දඬුවම් ලබාදෙන්න.