(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.

මේ සම්බන්ධයෙන් නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුව නොමග යැවූ බව තහවුරුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නේ යැයිද  හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.