(සුජිත් හේවාජුලිගේ)
අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය මහතා පැවසීය
විශේෂ කමිටුවක් පත්කර ඒ ප්‍රමුඛතාව සම්බන්ධයෙන් කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය.සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750 ක් සහ බස් රථ 250ක් ගෙන ඒමට අවස්ථාව දුන් බවද සියඹලාපිටිය මහතා කීවේය.
ලංකාවේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා යන තැනට ගෙනවිත් ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකුව දේශීය වෙළඳපොළෙන් මුදල් මිලදී ගැනීමෙන් මේ තත්වයට පැමිණි බවද ප්‍රකාශ කළේය.
සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් හතක් දක්වා ඉලක්කයකට ගෙන ආ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන කලුකඩකාරයන්ගේ තවත් වෙළෙද දැන්වීමක්...
ණය කාරයින්ට පොල්ල තියලා සංචිත නග්ගන එක කජ්ජක්ද? නොගෙවන ණයට මේ කාලේ පොලිය එකතුවෙලා ඇති ඔයිට වැඩිය. මහා ප්රාතිහාර්යයක් පෙන්නුවා වගේනේ කියවන්නේ..!
අනේ කොහොම හරි ඇමැතිවරු ටිකට අලුතෙන් V8 කිහිපයක් ගෙන්වා දෙන්න අමතක කරන්න එපා.. එහෙම නොකලොත් පාරේ ඉන්න අහිංසක මිනිස්සු කීපදෙනෙකුත් අරගෙන එතුමාලා අධි වේගයෙන් ස්වර්ගය කරා යන ගමනට බාධාවක් වෙනවා...
මෙයට මෙහෙම කියන්න කියලා සෙල් මාෆියාවෙන් කීයක් හරි දෙන්න ඇති, සංචාරක කර්මාන්තෙට වාහන ගෙන්වන්න ඕනේ... සීසන් එක පටන්ගන්න මාසෙකට දෙකකට කලින් මිසක් අප්‍රේල් මාසේ සීසන් එක අවසන් වුණාම නොවේ..!
ලංකාවේ වාහන අවශ්‍ය වෙන්නේ සංචාරක කර්මාන්තයට පමණද? ලංකාවේ රැකෙන්න ඕනේ සංචාරක කර්මාන්තය පමණද? අනෙක් මිනිස්සු කරන කර්මාන්ත, කර්මාන්ත නොවේද? මෙහෙම කාලකන්නි ඇමැතියෙක් මොවුන්ට ලබන ඡන්දෙදී ඡන්දේ දෙන්න එපා.
ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ඇමැතිලාට මන්ත්‍රීලා ඡන්දෙට ඉස්සෙල්ලා අධිසුඛෝපභෝගී වාහන ගෙන්වීම
සැකයක් තිබෙනවා සියඹලාපිටිය මේ හැරෙන්නේ චන්දෙට කලින් මන්ත්‍රීයන්ට වාහන බලපත් දෙන්න වගේ. දෙන්න නම් එපා ගොයියෝ.