(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
පොලිසිය සී.සී.ටී.වී. පරීක්‍ෂා කර දඩකොළ නිකුත් කිරීමේදී අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ කොළ යොමු කරන බවත් එම වාහනය වෙනත් පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ නම් ලියාපදිංචි අයිතිකරු අපහසුතාවට පත්විය හැකි බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.
ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන වාහන පාවිච්චි කිරීම සහ විකිණීම තව දුරටත් කළ නොහැකි බව කී වීරසිංහ මහතා වාහනයක් විකුණුකරු වාහන වෙනත් පාර්ශවයකට පැවරූ බවට ලිපිය එම දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ නම් දින 14 කට පසුව දඩ මුදල් අය කරන බව ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන පැවරීමට තියෙන ක්‍රමයේ වැරැදි නිසා මෙහෙම වෙනවා... කෙනෙක් තමන්ගේ වාහනය යමෙකුට පැවරීම කළා නම් එදිනම මුල් අයිතිකරු විසින් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුවත් කරන්න ක්‍රමයක් හදන්න ඕනෑ... ඒක ආකෘතියක් මගින්ම නැතුව ලිපියක් මගින්වත් නව හිමිකරුගේ සම්පූර්ණ නම, ලිපිනය, හැඳුනුම්පත් අංක සමග යැව්වත් ප්‍රමාණවත් නම් එහෙම තොරතුරු මෝ.ප්‍ර.කො.වෙතට ලැබී අවම වශයෙන් මාසයක් තුළ නව අයිතිකරු ලියාපදිංචි කර නැත්නම් ලියාපදිංචිය අවලංගු කරන්න කටයුතු කළොත් වංචා, දූෂණ හා අක්‍රමිකතා කරන්න බැරිවේවි... රජයට ලැබෙන්න තියෙන ආදායම් ගන්නත් පුළුවන් වේවි.. මෙහෙම පැවරීම් ලියාපදිංචි නොවීමෙන් රජයට විශාල ආදායමක් අහිමිවෙනවා...