(යොහාන් භාසුර)
රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පොදුවේ වාහන ආනයනය කිරීමට නොවන බවත් රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ආනයනය කිරීමට පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
විදේශ ආධාරවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා එම ආධාර යොදාගෙන එම වාහාන ආනයනය කරන බව කී ඒ මහතා එම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21 ක්, සෞඛ්‍ය අමාත්‍යංශයට ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 3 ක් සහ කම්කරු අමාත්‍යාංශයට වාහනයක් ලැබෙන බව ද සඳහන් කළේය.
මෙහිදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට වාහන 3 ක් ආනයන කරන බවත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වාහන තුන හැරෙන්නට සෙසු සියලුම වාහන විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාරවලින් ප්‍රදානයන් බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු විස්සක් විතර පරණ ලදරමකුත් කෝටි ගානක් වෙනවා. වාහනේ වටිනාකම වගේ හය හත් ගුණයක් බදු ගහලා පරණ වාහන ගේන්න දුන්නත් මීටවඩා ලාබෙට ගන්න පුළුවන්. අනික අපි සල්ලි ගෙවන්නේ රජයට කියලා හරි හිත හදාගන්න පුළුවන්. එක ඇමැතියෙක් ව්‍යාපාරිකයෝ පිටරට සල්ලි හංගනවා කියලා නාහෙන් අඬනවා. සල්ලි ලංකාවට ගෙන්න ගන්න ඒ වගේ වැඩපිළිවෙළවල් අවශ්‍යයි...
ආයෙ කතා දෙකක් නැ. දේශපාලන හැතිකරෙට වාහන හෙන ක්‍රමයක් තමයි තමයි ඔය හදන්න යන්නේ.
තමුසෙගේ වැඩේ ගැසට් ගහනවයි වෙනස් කරනවයි වෙන වැඩ නැතිද
බොරු එපා ඕයි .රජයට වාහන ඕනෙත් නැහැ .පරිගණක ඕනෙත් නැහැ .ඔය තියන ඒවායෙන් වැඩ කරනවා .රජයට කියලා තමුසෙලාට ගෙන්න ගන්නේ .අපිට කොලේ වහන්න එපා.තමුසෙලා බොරු වියදම් කවදාවත් අඩු කරන්නේ නැහැ .ඕයි.. බොරු කාර හැත්ත
තියෙන වාහන ටික වත් දුවවන්න අමතර කොටස් වත් සහන පදනමක් මත ආනයනය කරන්න