(යොහාන් භාසුර)
වාහන ආනයනය අත්හිටුවා තිබීම නිසා නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක් පමණ වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
මෙම වසරේ ඉතාමත් සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති බව කී වීරසිංහ මහතා එම වාහනවලින් ද වැඩි ප්‍රමාණයක් රජයේ වාහන බව ද සඳහන් කළේය.
මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම අඩු වුණාට රටේ විනිමය විදේශ රටවල් වලට ගලා යෑම නැවතීම රටේ ජනතාවට ලැබුණ ලාභය පාඩුව මෙන් කී ගුණයක්ද?
ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න හොරුනේ රට කරන්නේ. ඔය ආදායම නැති වුණාට රටක් විදියට කොපමණ විදේශ විනිමය ඇතුලු අනවශ්‍ය වියදම් නවතිනවාද කියල හිතන්න. ඔයාලා තමයි මේ රට කන හරක් දේශපාලුවන් එක්ක...
ස්වීප් ටිකට් වලින්, අරක්කු බද්දෙන්, වාහන ගෙනවනකොට ගහන බද්දෙන් රටක් දුවන්න හිතන ගොන් හරක් ඉන්න රටක මේ වගේ කතා ඇහෙන එක පුදුමයක් නොවේ. තාක්ෂණික ආයෝජන, BOI එකට ආපු ආජෝයන ප්‍රමාණය අඩු වුණාද, කොහොමද වැඩි කරගන්නේ කියලා කතා කරන්න කවුරුවත් නැහැ.
අපි ලඟඳීම ගේනව නීතයක් හැම වාහනයක්ම හැම අවුරුද්දකම අලුතින් ලියාපදිංචි කළ යුතුයි කියලා. ඒතකොට RMV ප්‍රශ්නෙ විසඳෙනවා.
ආර්.එම්.වී එක තිබෙන්නේ වාහන ලියා පදිංචි කොරන්න විතරද? වාහන ගෙන්වීම නිසා රටට වෙන පාඩුව ආර්.එම්.වී එකට වෙන පාඩුවට වඩා බොහොම වැඩී ඒ නිසා වාහන ගෙන්වීම කරන්න එපා.