
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මාර්ග අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සමහර වාහන අපරාධවලට යොදාගෙන ඇති බවට ද හඳුනාගෙන ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා පැවසීය.
මේ වාහන තියෙන්නේ කොහේදැයි නිශ්චිතව හඳුනා ගත්තේ දැයි විගණකාධිපතිවරයා විමසා සිටියේය.
සමහර වාහන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇතත් ඒවා එම අධිකාරියේ නැතැයි පැවසූ විගණකාධිපතිවරයා ආයතනයේ වාහන කොටසක් වෙනත් පුද්ගලයන්ගේ නම් වලට ලියාපදිංචි කර ඇතැයිද ප්‍රකාශ කළේය.
වාහන සම්බන්ධයෙන් මේ ආයතනයේ පාලනයක් තිබී නැති බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමටද උනන්දු වී නැති බවත් වික්‍රමරත්න මහතා පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(18) රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඔය වාහන ඕවයේ ලොකු ලොකු මැති ඇමතිලා එහෙම අඳුනන නැති බැරි අය ගාව ඔය වාහන ඇති.ඕවා හොයන්න වද වෙන්න එපා.
දත් හැලිච්ච සිංහය තමයි , ඒත් දැන් ඒ සිංහයා හොර දෙටුවෙක් උනහම. ? වෙන දෙයක් නැහැ
ඕකෙ වාඩිවෙලා ඉන්න උන්දැම දන්නව වෙච්ච දේ. ඕවා රැගෙන යනවා නම් රැගෙන යන්නෙ ඔය මැති ඇමති උන්දැලත් උන් පත්කරපු අධ්‍යක්ෂක මණ්ඩල සභාපති, ක්‍රියාකාරි අධ්‍යක්ෂකල තමයි. සාමාන්‍ය සේවකයො නෙවෙයි. මෙතන හොරාගෙ අම්මගෙන් පේන බලනව . ඔය ගැන කවදාවත් පරීක්ෂණ වෙන්නෙ නැහැ. එවන් රජයක් ඉදිරියේදිවත් පත්කරගමු. තවත් මේවට ඉඩදීල ගෙදර ළමයි බඩගින්නෙ තියන්න ලෑස්ති වෙන්න එපා. බලමු මේකට අන්ලයික් දාන කටු ලෙවකන අය කීදෙනෙක් ඉන්නවද කියල,
නිසැකවම තැන් තැන්වල වැඩබිම්වල අතහැර දාල ගිය ඒව. දිරල පස් වෙලා හෝ හොරු කෑලිවලට ගලවල විකුණාගෙන. ඕවට ඇතුළත සහය අපමණයි....
කොහොමද ජරාපක්ෂ ජුන්ටාවේ දක්ෂකම්
තෙවරප්පෙරුම මහත්තයාගේ අවුරුදු 30-40 පරණ වාහනේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට ආවේ එකට පළාත්සභා මන්ත්‍රීලාට වාහන 2ත් මදි ලු. ඉතිං අයිඑම්එෆ‍් ණය වුණත් මොනවා වෙනවා ද කියලා අපිට විශ්වාස නෑ